" ඔයා ලගින් ආදර සුවදක් එනව ජිමින්..."
" මොකාක්...ආදර...හ්හ්..මං ලිගින්.."
ජිමින් කිව්වෙ මෝඩ පහේ හිනාවක් දාන ගමන්...
" කාව රැවැට්ටුවත් මාව රවට්ටන්න බෑ ජිමින්...ඔයා කැමති කවුරුහරි ඉන්නව නම් දැන්මම ඒක නවත්තල දාන්න...නැත්නම් ඔයාටත් වෙන්නෙ ජන්කුක් වගේ දුක් විදින්න."
මව් රැජන ජිමින් දිහා තෙතමනයක් නැති විදිහට බැලුවත්...ඒකට ජිමින්ගෙන් හම්බ උනේ චූටි උපහාසාත්මක හිනාවක්...ඒක මව් රැජන කිම් සූ යන් ගෙ පවුර්ශයටත් ලොකු පහරක් ගැහුවත් එයා ඒක පිටට නොපෙන්වා ඉන්න පරිස්සම් උනා...
එයා දැනගෙන හිටිය දන්න කාලෙ ඉදන් ම එයා කොයි විදිහට ජන්කුක්,නම්ජූන් දෙන්නව පාලනේ කරත් ජිමින් ව කවදාවත් එයාට පාලනය කරන්න බැහැ කියලා.
එයා පොඩි කාලෙ ජිමින් ගෙ සෙල්ලම් බඩුවක් කැඩුනහ ම , ජන්කුක් එක්ක රන්ඩු කරහම වටේ පිටේ තියන සේරම දේවල් ගිනි තියල දාපු එක වෙන්නෙ අදුරු මායාවන් නිසා කිම් සූ යන් හිතුව.එයා ඒ දවස් වල හිත හදාගත්ත ජිමින් ලොකු වෙද්දි එයාට එයාගෙ ඇග ඇතුලෙ තියන අසාමාන්‍ය අදුරු ශක්තීන් පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා ඒත්...එයා වැරදි උනොත්...
" මට දැන් යන්න වෙනව...මං කියපු දේවල් මතක තියාගෙන වැඩ කරොත්...අපි හැමෝට ම හොදයි.."
කිම් සූ යන් විදානයක් දෙනව වගේ කියාගෙන එලියට ගිය...ජිමින් ලොකු හුස්මක් පිට කරලා එයා යන දිහා බලාගෙන හිටිය.
දැන් ජිමින්ට ඕනි උනේ ජන්කුක් ට කතා කරන්න...ජිමින් ජන්කුක්ට කතා කරන්න කියලා අනිත් පැත්ත හැරෙන කොටත් ජන්කුක් එතන හිටියෙ නෑ...
ජිමින් දැනගෙන හිටිය ජන්කුක් හිතට දුකක් කරදරයක් දැනුනහ ම යන්නෙ කොහෙට ද කියලා.
" මට හිතුන ඔයා මෙතන ඇති කියලා..."
ජිමින් කිව්වෙ හිමින් සැරේ ජන්කුක් ලගින් ඉදගන්න ගමන්...ජන්කුක් හිටියෙ අහස දිහා බලාගෙන.
" ඇයි අනේ මේ තනකොල ගොඩට ආවෙ.."
ජිමින් කිව්වෙ එයාගෙ ඇගට පැන්න චූටි ගෙම්බෙක් අයින් කරන ගමන් .
" ආ..ජන්කුක් මං හිතේ අමාරුවට දෙන්න වෙන බෙහෙත් දන්නෙ නෑ..."
ජිමින් කිව්වෙ ජන්කුක්ගෙ උකුලට බියර් කෑන් එකක් දාන ගමන්.
" යුන්ගි ගැන ද හිතන්නෙ..."
ජිමින් ඇහුවෙ හිනාවෙලා අහස දිහා බලාගෙන.ජන්කුක් ජිමින් දිහා බලල ආයෙත් අහස දිහා බලාගත්ත.
" කොහොම ද දන්නෙ..."
" අහස දිහා බලාගෙන යුන්ගි ගැන හිතන්නෙ නැතුව වෙන කා ගැන හිතන්නද ජන්කුක් ."
ජිමින් හිනාවුනේ හරියට එයා ජන්කුක් ගැන හැමදේ ම දන්නව වගේ
BINABASA MO ANG
🔞SO YOU WANNA PLAY?🔞
FanfictionThis story abOUT revenge of blackmagic😈😈 " ඔ..ඔයා මට කැමති ද" "නෑ මම ඔයාට ආදරෙයි " ........................................................................................ "ජිමිනී.... ඔයාද ලී සන් ව...." "මැරුවෙ ද baby " ...