" ජිමින්....මං නම් හිතන්නෙ නෑ රෝස මලක් යැව්ව හින්දා යුන්ගි සේරම අමතක කරලා ජන්කුකාට ආයෙත් ආදරේ කරයි කියලා."හොබී කවුච් එකෙන් නැගිටලා ලොකු ග්ලාස් වින්ඩෝ එකෙන් එලිය බලාගන්න ගමන් ඇහුව.
" රෝස මලෙන් ආදරේ නෙවෙයි ඇතිකරන්නෙ....කුතුහලය තමයි ඇතිකරන්නෙ."
ජිමින් හොබීගෙ උරහිසට තට්ටුවක් දාලා කවුච් එකේ ඉදගෙන කුශන් එකේ ඔලුව තියාගත්ත.
" කුතුහලය...රෙද්ද තමයි.ගෙදරට ඩිලිවරි එක ආපු ගමන් යුන්ගි දැනගයි එව්වෙ ජන්කුක් කියලා."
හොබී සමච්චලේට කියලා ජිමින් එහාපැත්තෙන් කවුච් එකේ ඉදගත්තා.ඔව් ඉතින් ඒක ප්‍රැක්ටිකල් නම් නෑ තමයි.
" සෝ ? ....යුන්ගි දැනගන්නවා තමයි...ඒක ප්‍රශ්නයක් නෙවෙයි."
ජිමින් වැඩිය ගානකට ගන්නෙ නැතුව phone එකේ ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කරන්න පටන්ගත්ත.
" ඒක ප්‍රැක්ටිකල් නෑ බං.....උඹට තේරෙනවනෙ."
හොබී ජිමින් phone එක අරගෙන පැත්තකට දාන ගමන් ඇහුවේ.ජිමින් හොබී පැත්තට හැරිලා කතාව පටන් ගද්දි.
" උබට වෙන ප්ලෑන් එකක් තියේද....නෑනේ...නෑනේ....එහෙම නම් කටවහගෙන මට හෙල්ප් කරන්න."
ජිමින් හොබීගෙ මූනට එබිලා කියවගෙන ගියෙ.හොබීට කෙල ගිලෙද්දි.
" මොකට ද හෙල්ප් කරන්න ඕනි....ඕනිනම් මාත් ඉතින් ඔයාලට උදවු කරන්නම්."
මෘදු හිනාවක් එක්ක ඇවිදගෙන එන ජින් කිව්වෙ හොබීට කෙල ගිලෙද්දි....ඒත් ජිමින්ට නම්...එයාට මොකත් ගානක් නෑනේ.ජිමින් එකමනට හොබීට වින්ක් කරලා ආපිට ජින්ට හිනා උනේ හරිම සාමාන්‍ය විදියට.හොබීට නම් පුදුමයි මීට ටික වෙලාවකට කලින් එයාව මරාගෙන කන්න හදපු මනුස්සය දැන් පොඩි එකෙක් වගේ හිනාවෙනවා.
" ආහ් ඔයා ආපු එක හොදයි හියුන්ග්....මං මේ හොබීට කිය කියා හිටියේ එයාගෙ ක්‍රශ් එකට ආදරෙයි කියලා කියන විදිය....නේද හොබී.?."
තාමත් ඩිම් වෙලා වගේ ඉන්න හොබීට ජිමින් අතින් අනින ගමන් කිව්වෙ හොබීත් අමාරුවෙන් හිනා වෙලා ඔලුව වනද්දි.
" අනේ....ඔයාලත් අනේ මන්දා ඉතින්...හරි කොහොම ද දැන් ඔයා එයාට කියන්නෙ."
" කෙල්ලෙ මං ඔයාට ආදරෙයි."
මුකුත් හිතාගන්න බැරි වෙච්ච හොබී කටට ආපු උත්තරේ කිව්වෙ ජින්,ජිමින් දෙන්න ම හයියෙන් හිනා වෙද්දි.
" අයියෝ ඔයාලට නම් තියෙන්නෙ ආදරේ ගැන තේ හැන්දක තරම් හැගීම් ප්‍රමානයක්."
ජින් හිනාවෙන අතරෙම කිව්ව.
'' අපි කවද ද ආදරේ කලේ නැද්ද හොබී."
ජිමින් හොබී ට වින්ක් කරලා හයියෙන් හිනා උනේ ජින් තරහටයි ලැජ්ජාවටයි රතු වෙද්දි.
" ජින්....එන්න."
ඒත් එක්ක ම වගේ එතනට ආපු නම්ජූන් ඒ හැමෝම දිහා බලලා ජින් ට කතාකරේ හැමෝගෙ ම හිනා සද්දෙ බාල වෙද්දි.
bye 🌼💖
කමෙන්ට් එකක් දාගෙන ම යන්න
YOU ARE READING
🔞SO YOU WANNA PLAY?🔞
FanfictionThis story abOUT revenge of blackmagic😈😈 " ඔ..ඔයා මට කැමති ද" "නෑ මම ඔයාට ආදරෙයි " ........................................................................................ "ජිමිනී.... ඔයාද ලී සන් ව...." "මැරුවෙ ද baby " ...