" හරි මම කෙලින්ම අහන්නංකො."
" හම් හ්ම්." ටේ ජිමින්ට අවදානෙ දෙන ගමන් ගාඩ්න් එකේ තිබ්බ බෙන්ච් එකකින් ඉද ගත්ත.
" ඔයා ඔයාගෙ හියුන්ග් ට ගොඩක් ආදරෙයි නේද."
" ඔව්...ගොඩක්."
ජිමින් අහන දේ ගැන වැඩි අවබෝධයක් නොතිබුන ටේ උත්තර දුන්න.
" හියුන්ග් හැමදාම සතුටින් ඉන්නවට නේ ඔයා කැමති."
ටේට මේක තේරුම් කරලා දෙන්න වෙන විදිහක් නොතේරුන ජිමින් පොඩි ලමයෙක්ගෙන් ප්‍රශ්න අහනව වගේ ටේගෙන් ප්‍රශ්න අහන්න පටන්ගත්ත.
" ඔව් මම කැමති හියුන්ග් හැමදා ම සතුටින් ඉන්නවට."
" ඒ විදියට ම තමයි ටේහියුන්ග් මාත් ජන්කුක් ගැන හිතන්නෙ.ඔයා යුන්ගි ගැන හිතන විදියට ම."
එහෙම කියපු ජිමින් බෙන්ච් එකෙන් ඉදගෙන ටේගෙ අත් තද කරල අල්ලගත්ත.එයා මේ විදියට කෙනෙක් ලග හැසිරිච්ච පලවෙනි වතාව මේක.
" හියුන්ගී මට..මට තේරෙන්නෑ...ඔයා කියන්නෙ මොකද්ද කියලා."
ටේ ඒ දෙන්නගෙ පැටලිච්ච ඇගිලි දිහා බලන ගමන් මිමිනුවා.එයාට තේරුනේ නැහැ ජිමින් එයයි යුන්ගිවයි පටලල මොනවා කියනවද කියලා.
" හරි...හරි මං කෙලින්ම කියන්නන්කෝ....මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනි."
ජිමින් ටේගෙ නිල් පාට මුහුදේ රැලි වගේ දිලිසෙන ඇස් දෙක දිහා බලාගෙන ඇහුව.ඒකත් එයාට අහන්න පුලුවන් මෘදු ම විදියට.
" මොකද්ද....මට කරන්න පුලුවන් දෙයක් නම් මම අනිවාර්යයෙන් කරන්නම්.."
ටේත් ආපිට ජිමින්ගෙ ඇස් දිහා බලාගෙන එයාගෙ ලස්සන බොක්සි ස්මයිල් එකෙන් කිව්ව.
" ඔයා දන්නවනෙ යුන්ගියි ජ්-...."
" ජන්කුක් හියුන්ග් නේද "
ටේ රහසක් කියනවා වගේ කටහඬ බාල කරලා කිව්ව.
" ඔව් ඔයා දන්නවනෙ ඒ දෙන්න අතරේ..."
ජිමින් ටේ තව මොන මොනවා දන්නවද කියලා දන්නෙ නැති නිසා අන්තිම ටික ඇදලා කිව්ව.
" ඒ දෙන්න තරහ වෙලාද ඉන්නෙ හියුන්ග්...මේ මම කිව්වෙ බ්‍රේකප් වෙලාද ඒ දෙන්න."
ටේ ජිමින්ට තව පොඩ්ඩක් ලං වෙන ගමන් එයාගෙ ඇස් හීනි කරලා මිමිනුවෙ රහසක් ගානට.ඒත් ඒකට ජිමින් නම් පුදුම උනා.
" ඒ කියන්නෙ ටේහියුන්ග් දන්නැද්ද යුන්ගි,ජන්කුක් දෙන්න මේට් ලා කියලා "
ජිමින් හිතින් එයාගෙන් ම අහගත්තා.එයාට මේක පෙනුනේ ලෝකෙ ලොකුම ජෝක් එක වගේ.යුන්ගිගෙ මල්ලිවත් මේක දන්නෙ නෑ කියන ඒත් එයා එයාගෙ හැගීම් ටේට පෙන්නනැතුව ඉන්න තරම් පරිස්සම් උනා.
" එතකොට ටේ ඔයා දන්නැද්ද....ආහ් ඩෝන්ට් මයින්ඩ් ඉට්..."
ජිමින් අමාරුවෙන් එයාගෙ වචන පාලනය කර ගන්න ගමන් ටේ එක්ක හිනාඋනා.ඒකට ටේ ඔලුව වනද්දි එයාගෙ කම්මුල් රෝස පාට උනේ ජිමින් එයාට ටේහියුන්ග් කියන්නෙ නැතුව ටේ කියලා කතාකරපු නිසා.මොකද කියනවනම් එයාට ගොඩක් ලග අය විතරයි එයාට එහෙම කතාකරන්නෙ.
" ඉතින් ඔයා කැමති ද ඒ දෙන්නව ආයේ එකතු කරන්න "
" ඔව්...ඒත් මං දවසක් යුන්ගි හියුන්ග් එක්ක ජන්කුක් හියුන්ග් ගැන කතා කරා ඒ වෙලාවේ එයා මටත් බැනලා හොදටම ඇඩුව."
ටේ නිදහස් අතින් එතන තියන ගහක කොලයක් කඩලා බිමට දාන ගමන් මිමිනුවා.
" හ්ම්ම්ම් ඒකත් එහෙමද."
ජිමින් ටේ කියපු දේ හොදට ඔලුවට ගන්න ගමන් කිව්ව.ජිමින්ට තේරෙන්නෑ යුන්ගි වුල්ෆ් කෙනෙක් වෙලත් කොහොම ද මෙහෙම එයාගෙ මේට්ව රිජෙක්ට් කරන්නෙ කියලා.එයා දැනගෙන හිටිය වයිට් වුල්ෆ්ලට තමන්ගෙ මේට් තමයි ජීවිතේ ම කියලා.ඒත් යුන්ගි හරිම අමුතුයි.ටේහියුන් වගේ නෙවෙයි.ඔමේගා කෙනෙක් වගේත් නෙවෙයි හැසිරෙන්නේ ඇල්ෆා කෙනෙක් වගේ.
" හ්ම්ම් හියුන්ග් ට ජන්කුක් හියුන්ග් පේන්න බෑ....එයත් එක්ක කතාකරනවනම් ජන්කුක් හියුන්ග් කියන්නෙ තහනම් වචනයක්."
" හ්ම්ම්ම් හ්ම්ම්ම්."
" මට පොඩි ප්ලෑන් එකක් තියෙනවා...ඒකට මට ඔයාගෙන් දේවල් ටිකක් දැනගන්න ඕනි..."
" හරී...මං කියන්නං"
ටේ ඉස්සෙල්ලා විදියට ම කියුට් විදියට හිනා වෙන ගමන් කිව්ව.ඒ හිනාවට ජිමින්ගෙ තොල් අතරත් චූටි හිනාවක් ඇදුන.
bye ❤️❤️❤️❤️❤️
ඔයාලා ස්ටොරි එක ගැන හිතෙන දේවල් කමෙන්ට් කරන්න....ඔයාලා කමෙන්ට් කරද්දි ලියන්න ආස හිතෙනවා....පුලුවන් ඉක්මනට තව එකක් දෙන්නම් 😚
: take care
YOU ARE READING
🔞SO YOU WANNA PLAY?🔞
FanfictionThis story abOUT revenge of blackmagic😈😈 " ඔ..ඔයා මට කැමති ද" "නෑ මම ඔයාට ආදරෙයි " ........................................................................................ "ජිමිනී.... ඔයාද ලී සන් ව...." "මැරුවෙ ද baby " ...