මමයි මල්ලියි චවියත් එක්ක එයාගෙ කාමරේ නිදා ගන්න ගියා. ඒකාගේ ඇද ගොඩක් ලොකුයි.අපි තුන් දෙනාට නිදා ගන්න හොඳටම ඇති. මල්ලි හිටියෙ බිත්තිය අයිනට වෙන්න. මං මැද මට එහා පැත්තේ චවියා. අපේ එකා මං ළග නිදා ගන්න හැමදාම ඌට ඕන මට තුරුල් වෙන්න. අදත් වෙනසක් නෑ පෙරලිලා ඇවිත් මගේ පපුව අස්සේ ඔළුව ගහ ගත්තම මමත් ඒකව තුරුල් කර ගත්ත. හිතේ තිබ්බ ප්‍රශ්න කල්පනා කර කර ඉද්දී මටත් නොදැනීම නින්ද ගිහින්......
අනේ ඉතින් උදේ නැගිටලා බලද්දි චවියත් මගේ ඇගට කකුලක් දාගෙන මට තුරුල් වෙලා. එකෙක් මගේම සහෝදරයා. අනිකා සහෝදරයෙක් වගේ ඉන්න හොදම යාලුවෝ දෙන්නගෙන් එකෙක්. මොනව කරන්නද ඉතින් ඉවසන් හිටිය.......
අපි තුන් දෙනාම නැගිටලා මූණ කට හෝදන් තේ බොන්න පහළට යන්න හදද්දී දුවී අයියා ට්‍රේ එකක මග් හතරක් තියාගෙන උඩට ආවා.
"මල්ලි යශ් අයියවත් නැගිට්ටලා මේ තේ එක දීපන් හොඳේ. දැන් නම් වෙරි හිඳිලා ඇති"
මං මගේ තේ එකත් අරන් යශ් අයියගෙ තේ එකත් අතට ගත්තම චවියා ඒ කාමරේ දොර ඇරලා දුන්න. යශ් අයියා නිදාගෙන හිටියේ හරියට අන්දරේ මැරිලා හිටිය වගේ. පෙරවපු රෙද්ද කකුල් දෙක පාමුල ගුලි වෙලා, කොට්ටෙ බිම. මං තේ කෝප්ප දෙක ලඟ තිබ්බ පොඩි ස්ටූල් එක උඩින් තියලා ඇදෙන් ඉඳ ගත්ත.
"අය්යේ....දැන් වත් නැගිටින්නකො"
මං ඒ පිටට තට්ටු කරල ඊට පස්සේ උරහිසෙන් අල්ලලා හෙලෙව්ව. මේකා උඩුබැලි අතට හැරිලා ආයෙත් නිදි. මං හෙමින් පාත් වෙලා කම්මුලක් හැපුවා. මගේ පපුවේ මේකාගේ දත් පාරක් වැදුනා ඊයේ. ඒක රිදෙනව තාමත්. කම්මුල හැපුවත් මේකා නෙවෙයි ඇහැරුනේ.
මං බාත්රූම් එකට ගිහින් අත් දෙක තෙමන් ඇවිත් හොඳට ඒ මූණේ ඇතිල්ලුවා. ඔන්න යන්තම් ඇස් දෙක ඇරිය. ඒත් බාගෙට. මං අමාරුවෙන් එයාව ඇදලා අරන් ඇදේ ඉන්දවන්න හැදුවත් එයා ඉතින් මට වඩා ලොකුයි නිසා ඒක ටිකක් අමාරු උනා.
මේකා නැගිටිනකන් මට ඉවසිල්ලක් නෑ. ඊයේ රෑ ඉඳන් ඉවසන් හිටියනෙ දුවී අයියා කිව්ව කතාව අහන්න. තවත් නම් ඉවසන්න බෑ. මං අතින් අදින එක දැනිලා වෙන්න ඇති එයා නැගිටලා ඇදේ ඉඳ ගත්ත. ඊට පස්සේ ඇස් දෙක පොඩි කරලා පිහ දාගෙන මං දිහා බැලුවා. ඔන්න ඉතින් පුදුම උනා. ඊට පස්සේ වටපිට බලලා ඉන්නෙ කොහෙද කියල බලා ගත්ත. ඔව් ඉතින් ඊයේ මෙහෙට එන්න ඇත්තේ අසිහියෙන්නෙ......
YOU ARE READING
දඬු මොණරු ✅
Non-Fiction"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්ර.....නේත්ර...මගේ නම නේත්ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ග...