"මං නම් අර ගෙදරින් එළියට බැහැල එන්නෙ කොයි වෙලේද කියල බලන් හිටියෙ, මොන අසික්කිත වැඩක් ද ඒ, කොල්ලො දෙන්නෙක්ව කසාද බන්දල දෙන්න දඟලපු දැඟලිල්ලක්, ශික් අප්පිරියයි මට නම්"
අපිට ආයෙත් ඇවිත් ගේට්ටුවෙන් ඇතුලට එන්න උනෙත් නෑ ආච්චි අම්මා කියවන්න ගත්ත. ත්‍රී විල් එක ගේට්ටුව ඉස්සරහ නවත්තපු ගමන් සීයා බැහැලා ගෙට යද්දි ඊ ළඟට ආච්චි අම්මයි, සෝමා නැන්දයි බැස්ස, මගේ උකුලේ ඉඳන් ආව මල්ලිගෙ පිටි පස්සෙන් මමත් බැහැලා ආවම ත්‍රී විල් එක යද්දිම ආච්චි අම්මා කියවන්න පටන් ගත්තා. පුදුමයි මෙයා එනකම් වත් කට පියන් හිටපු එක.......
"ඇත්තටම ඉස්කෝලෙ හාමිනේ එහෙම දේවල් වෙන්න පුළුවන්ද"
"ඔය වෙලා තියෙන්නේ යස අපූරුවට. අබුදස්ස කාලෙ ලබුත් තිත්තයි නොවැ, අනේ කාලේ වනේ වාසේ කිව්වලු, අපේ අම්ම මුත්තා කාලෙ වත් අහපු දැකපු දේවල්ද කියපන්කෝ. දැන් හැදෙන උන් නම් අනේ මන්දා"
අන්තිම ටික කියද්දි අපි දිහා බැලුවෙත් මූණ පුළුටු කරන්. මං ගැන දැන ගත්ත දවසට මේ මෝය කටෙන් නම් මට බේරුමක් නැති වෙයි. තඹර අයියට වඩා කතා ටිකක් මට අහගන්න වෙයි.
ඒ දෙන්න කතාව පිටම ගෙට යද්දි මල්ලි මගේ අතින් අල්ලන් අපේ ගෙදරට ගියා.....
"මං හිතුවෙ නෑ අයියෙ ඔයාලා වෙනුවෙන් කතා කරන්න අර තරම් අය ඉදී කියල. අපි නොදන්න මිනිස්සු තව කොච්චර මේ රටේ ඇතිද ඔයාල වෙනුවෙන් කතා කරන, ඉදිරිපත් වෙන. මට හරි සතුටුයි අයියෙ"
"ඒත් ඕනම මිනිස්සු ඒක තේරුම් ගන්නෙ නැත්නම්"
"ඒ ගැන නොහිත ඉමු, සමහර විට එයාලත් තේරුම් ගනී, වෙනස් වෙයි"
"එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද, මං යශ් අයියට කොච්චර ආදරේ උනත්, එයාව කොච්චර ඕන උනත් එයාගෙයි, අම්මලාගෙයි බැඳීම මැදට ඇවිත් ඒවා කඩල දාන්න හිත හදා ගන්න අමාරුයි බං"
"දුක් නොවී ඉමු අයියෙ, හැමදේම හොඳට විසදෙයි. මං නාගෙන එන්නම්, ඇවිත් ඇදුම් බෑග් හදමු"
මල්ලි නාන්න ගිය නිසා මං කාමරේට ඇවිත් මගේ ඇදුම් අරන් ඇදේ පැත්තකට දැම්ම,ගෙනියන්න ඕන දේවල් මතක් වෙන්නෙත් නෑ. ඔය වගේ වැඩ වලට මීටරේ ඉතින් මල්ලිනෙ, එයා එනකම් ඉන්නව ඔන්න ඔහේ....
YOU ARE READING
දඬු මොණරු ✅
Saggistica"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්ර.....නේත්ර...මගේ නම නේත්ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ග...