දඬු මොණරු 55

3.3K 346 95
                                    

"දැන් මෙතනින් අපේ බෑනා කව්ද මොරින්"

තුහින සර්ගෙ තාත්ත කිසිම ගාණක් නැතුව ඒක අහද්දි වතුර බිබී හිටපු පිවිතුරු අයියට වතුර ටික හිර වෙන්න ගිහින් ඒ ටික එහෙම්ම එහා පැත්තේ හිටිය අනූප සර්ගෙ ඇගට හලල කහින්න පටන් ගත්තා........

ඒ අංකල් ඒක ඇහුවෙ කිසිම ගාණක් නැතුව. අඩු ගානේ කාගෙවත් මූණක් වත් නොබලා පාඩුවේ කෑම බෙදා ගන්න ගමන් එයා ඒක අහපු තාලෙට අපේ කටවල් පවා බාගෙට ඇරුනා........

"මං හිතන්නේ වතුර ටික හිර කර ගත්ත ඉලන්දාරියා වෙන්න ඇති"

ඔන්න ඒ ගමන නම් ඔළුව උස්සලා සඳ කුමාරයා දිහා හොඳට බැලුවා......

"ඉලන්දාරියගෙ නම මොකක්ද"

"පි.... පිවිතුරු අංකල්"

"ම්ම්ම්..... පිවිතුරු අන්කල්......

පිවිතුරුය පළමු පෙම...... බිහිසුණුය බිදුණු දින..... ලෙන්ගතුය සුවඳ.....ඔබ සුදු හාමිනේ.....

ඉතුරු ටික කියන්න ගියොත් බත් කෙසේ වෙතත් සුදු හාමිනේ ගෙන් හැඳි පාරක් කන්න පුළුවන්...... මොකද ඔය ළමයි බලන් ඉන්නෙ කන්න කන්න..... කෑම කාලා ඉවර වෙලා අපිට කතා කරන්න බැරියැ..... අපේ බෑණ පොඩ්ඩට කෑම බෙදල දෙන්න මොරින්. පව් කොල්ල වතුර එකත් හිර කර ගත්ත.....

ඈ සුදු පුතේ..... අර කොල්ලා අරහෙ වතුර එක හිර කරන් දගලද්දි මොන හිතකින්ද බං පුටුව උඩ ඇලිල හිටියෙ. අනේ මන්දා දැන් හැදෙන ළමයින්ට ලව් කරන්න අපෙන් උපදෙස් දෙන්න වෙනව"

"ඔයාලා නැත්නම් ඉතින් මං ළඟට යනවා. දැන් මේ ළමයින්ට කන්න දෙන්න අප්පච්චි. ඔයාගෙ විහිළු නිසා කට්ටිය බය වෙලා ඇත්තේ"

"අනේ ළමයිනෙ මං විහිළු කරේ. කට්ටිය බෙදාගෙන කන්න හොඳට"

අංකල් ශේප් කියල දැන ගත්ත ගමන් අපි කට්ටිය බත් බෙදා ගත්ත. මං හිතුවෙ නෑ තුහින සර්ගෙ ගෙදර අය මේ වගේ විහිළු කරලා සැහැල්ලුවෙන් ඉදී කියල.එයාලා මේ සම්බන්දෙ ගැන සැහැල්ලුවෙන් කතා කරන එකත් පුදුමයක්.........

කෑම කාලා ඉවර උනාම තුහින සර් අපිට ලෑස්ති කරල තිබ්බ කාමර වලට අපිව එක්ක ගියා.කාමර තුනක්ම ලෑස්ති කරලා. වලව්වේ ඉතින් කාමර වලින් අඩුවක් නෑනෙ. මමයි,මල්ලියි යශ් අයියයි එක කාමරයක් තෝර ගද්දි චවිය හසාවයි, සෙනාල් මල්ලිවයි ඇදන් තව කාමරේකට ගියා. ඉතිරි කාමරේ අනූප සර් එක්ක දුවී අයියයි, පිවිතුරු අයියයි. ඒ උනාට ඉතින් පිවිතුරු අයියට ඕන උනේ තුහින සර්ගෙ කාමරේට පැන ගන්න.අපේ බිම් මලත් එක්ක ඉතින් එහෙම සෙල්ලම් නටන්න බැහැනේ. පිවිතුරු අයියව තල්ලු කරා එයාලට හදල තිබ්බ කාමරේට......

දඬු මොණරු ✅Where stories live. Discover now