දඬු මොණරු 23

10.4K 867 40
                                        

දමිත් අය්යලා උදේ අපේ වටේ අමුතු විදියට කැරකුනත් ඉස්කෝලෙ ඇතුළට යනකම්ම මුකුත් ප්‍රශ්නයක් උනේ නැති එක ලොකු දෙයක්.

"මේ චවියො, ඊයේ අපි වැඩ ඉවර වෙලා එද්දී මානවී අක්ක ඇවිත් මුගේ ඇගේ එල්ලුනානෙ"

"ඈ.... ඉතින්"

"ඒකිගේ පස්සෙන් කොල්ලො දෙන්නෙක් එනව කියල මූට කිව්ව ගෙදරට ගිහින් ඇරලන්න කියලා "

"ඉතින් උබ ගියාද නේත්‍ර"

"ඇත්තටම කොල්ලො දෙන්නෙක් පස්සෙන් ආවා බං, ඒ නිසයි ගිහින් ඇරලල ආවේ "

"දැන් අර අරූ නැට්ට ගිනි ගත්ත හනුමා වගේ උදේම වන්නම් නටන්නේ ඕක ආරංචි වෙලාද"

"මමත් මේ උබට ඔය සීන් එක කිව්වෙ ඒකයි. මූව අද නම් තනියම කොහේ වත් යවන්න හොඳ නෑ... උඹට මතකද අර නිලංක එක්කත් අරූ ඊයේ පෙරේදා මරා ගන්න ගියානෙ"

"ඒ මොකක්ද බං ඒ සීන් එක, කව්ද නිලංක කියන්නේ"

"ඇයි බං අර අපි කිව්වෙ අපි 11 ඉද්දී අපේ එකෙක් මානවී අක්ක එක්ක යාළු උනා කියල. දැන් ඉතින් ඒක ඉවර වෙලත් මාස ගාණක්. ඒ උනාට මේ ලගදිත් දමිත් අයියා අර කොල්ල එක්ක බොරුවට රණ්ඩු උනා"

"ඕකා හිතන් ඉන්නේ ලෝකේ ඉන්න එකම ගෑණි තමයි ඌ එක්ක යාළු උනේ කියලා, ඒකනෙ ඔච්චර උඩ පනින්නේ"

"ඒ පගයට පිස්සු බං, කෝකටත් නේත්‍ර උබ පරිස්සමින්"

අපි පිට්ටනියට ගියාම මානවී අක්කගෙයි, එයාගෙ යාළුවන්ගෙයි කෝලම් වෙනදට වඩා වැඩියි වගේ දැනුනා. ඊයේ මං ගෙදරට ඇරලුව නිසා මෙයා හිතුවද දන්නෙ නෑ මං කැමතියි කියලා. අරුන් දෙන්න හිටිය නම් මෙයාලා ඔහොම නටන්නේ නෑ, උන් දෙන්නත් උන්ගේ නිවාසේ ලඟනෙ.

මං දැක්ක අනූප සර් නැටුම් මිස් එක්ක පැත්තක ලොකු කතාවක්, අපේ චවියගේ ඇස් දෙකත් නිතරම ඒ පැත්තට යනවා මං බලාගෙන. සර් කතාව ඉවර කරල චවියල ඉන්න පැත්තට ගියාම ඌ මොකක් හරි කිව්ව පාර සර් දඩොන් ගාලා උගේ පිටට එකක් දීලා හිනා වෙවී යන්න ගියා. ෂුවර් එකටම ඕකා කට කැඩිච්ච කතාවක් කියන්න ඇති.

මට මතකයි ඕකා අපි ඉස්කෝලෙ ආව මුල්ම දවසේ අනූප සර්ට කිව්ව කුරුණෑගල පැත්තෙන් කෙනෙක් සෙට් කර ගමු කියල, එතකොට නැටුම් මිස් ඉස්කෝලෙට ඇවිල්ලත් නෑ, එයා ආවේ ඊට දවස් තුන හතරකට පස්සේ. මූට පේන කියන්න පුළුවන්ද මන්දා.....

දඬු මොණරු ✅Where stories live. Discover now