දඬු මොණරු 50

3K 326 38
                                    

සෙනසුරාදා දවසක වේලාසනින් පන්ති ඉවර කරලා අපිට ගෙදර එන්න පුළුවන් උනා, අපිට සිංහල, සිංහල සාහිත්‍ය, බෞද්ධ ශිෂ්ටාචාරය වගේ ඒවා උගන්නන්නේ පන්සලේ ඉන්න තරුණ හාමුදුරුවෝ දෙනමනෙ, එදා උන්නාන්සේලා දෙන්නම පන්සලේ හිටියෙ නෑ.

"මේ යශ් අයියෙ ඔයාට මතකද අර කට්ටියක් එක පාරක් අපිව හලලා දොළේ නාන්න ගිහින් තිබ්බෙ, අද වේලාසනින් ගෙදර යන එකේ කට්ටියත් එක්ක එහෙ යමුකො"

"මතකයි මතකයි, අර ෆොටෝ එහෙම ගහල තිබ්බෙ"

උගුඩුවො දෙන්නට ඒවා අමතක නෑ වගේ තාම.ඉරිසියාකාර සයිබීරියන් ඔටුවො දෙන්න. මං යශ් අයියගෙ දිහා බලන් රවද්දි ඒකත් මගේ දිහා බලලා රැව්ව. මං ඉතින් පාඩුවේ බිම බලා ගත්තා. වැඩිහිටියොත් එක්ක ඕනවට වඩා එල්ලෙන්න යන්න හොඳ නෑ, අපි ඉතින් හොඳ හැදිච්ච ළමයිනෙ........ එහෙම නැතුව බයකට නම් නෙවෙයි, ඔය කොණ්ඩ කුරුල්ලගෙ පෙද ටික ගලෝලා දාන එක මට මහ ලොකු වැඩක් නෙවෙයි.

"ඔයාලා ඒ දවස් වල අපිව හැලුව නේද සුදු අය්යේ"

"ඇයි අපි පෙනේර වගේ පේනවද..... අපි කොහොමත් ඒ දවස් වල ඔයාලත් එක්ක ආශ්‍රයක් තිබ්බෙ නෑනෙ සඳ, පස්සෙ ඉතින් මේ අපේ මොළ ගෙඩි ටික හෙල්ලිල සිද්ද වෙච්චි මොකක් හරි විපර්යාසයක් නිසා තමයි දැන් මේ අපිට මෙහෙම උනේ"

"ඇත්ත ඇත්ත අපි ඒ දවස් වල ඔයාලව ගණන් ගත්තෙත් නෑනෙ පිවිතුරු අයියෙ"

"බලපන්කෝ යශ් අයියෙ මේ ඇටය කියන කතා"

"මූත් එකයි උඹේ එකත් එකයි, මේ කටවල් දෙක එකතු උනාම උබයි මමයි වසල හමාරයි"

"තව එක කටක් අඩුයි මෙතනට, හැබැයි ඌට කෑමක් අල්ලස් විදිහට දුන්න ගමන් කෙලින්ම අපේ පැත්තට ඇවිත් සටන පාවල දෙනවා"

ඔය කියන්නේ චවිය ගැන. මෙතන අපි තුන් දෙනා විතරයි පොඩ්ඩක් කියවන්න හරි ඉන්නෙ. හසාල එහෙම අපි වගේ එකටෙක කියවන්නේ නෑනෙ වැඩිය. අනූප සර් උනත් මේ වෙලාවට පොඩ්ඩක් සයිලන්ට්, මොකද වචනයක් එහෙ මෙහෙ උන ගමන් ඒ අසරණ මනුස්සයව කන්න බලාගෙන බිම් මලක් වගේ රාක්ෂයෙක් ඉන්නවනේ.......

"මේ එහෙනම් හරිනෙ, නාන්න යමු නේද, හා නේද සුදු අය්යේ. කට්ටියම දුවීලාගේ ගේ ලගදී සෙට් වෙමු. බයික් වල යන්න පුළුවන්නෙ"

දඬු මොණරු ✅Where stories live. Discover now