දඬු මොණරු 44

2.6K 302 46
                                    

"ඔයාම දකින්න ඇති නේද චූටියෝ අපේ සුදු මල්ලි මුලින්ම හිටපු විදිය. ආශාවට වත් ඒ මූණ පේන්නේ නෑ, කොන්ඩෙන් මූණ වහගෙන, අරක්කු සිගරට් බිබී, ගෙදර රැදුනෙත් නෑ රස්තියාදු ගගහ. එයා කලින් ආදරේ කරපු ගෑණු ළමය නිසානේ ඉතින් එයාට එහෙම උනේ. පස්සෙ පස්සෙ එයා වෙනස් වෙද්දි මං හිතුවා ආයෙත් කෙල්ලෙක් ගැන හිතනවා ඇති කියල........

දවසක් එයාගෙ චිත්‍ර තියෙන කාමරේ අස් කරද්දි මං දැක්කා එයා පිරිමි ළමයෙක්ව ඇදලා තියෙනවා. චිත්‍ර දෙක තුනක්ම තිබ්බ. ඒත් ඉතින් නිල් ඇස් තියෙන අය මෙහෙ හොයා ගන්න අමාරු නිසා මං හිතුවෙ නෑ ඇත්ත කෙනෙක් කියලා....

ඒත් දවසක් එයා ඒ චිත්‍රයක් දිහා බලන් ඉද්දී මං ඇහුවා. එතකොට තමයි එයාගෙ ෆෝන් එකෙන් ඔයාගේ ෆොටෝ එකකුත් පෙන්නලා ඔයා ගැන කිව්වෙ"

"ඉතින් අක්කට ඒ වෙලාවේ මොකද හිතුනේ"

"බොරු කියන්න ඕන නෑනේ චූටියෝ.... සුදු මල්ලි ආදරේ කරන්නේ තවත් පිරිමි ළමයෙක්ට කියල කියද්දි මුලින්ම නම් ෂොක් උනා. ඒත් ඉතින් මට පස්සෙ හිතුනා එයා මේ තරම්ම වෙනස් උනේ..... මං කියන්නේ හොඳ අතට වෙනස් උනේ එයාට හොදම කෙනා ලැබුණ නිසා කියල.... ඔයාව දැක්ක ගමන් මට හිතුනා අපේ සුදූට ඔයාව තරම් වෙන කිසිම කෙනෙක් ගැලපෙන්නේ නෑ කියලා. ආශු අයියා උනත් එයාගෙ මල්ලිව තේරුම් ගත්තා. ඔය දෙන්න වෙනුවෙන් ඕනම දේකට අපි දෙන්න ඉන්නවා චූටියෝ..... ඉස්සරහට අපේ පවුල් වල අයගෙන් වගේම ගොඩාක් දෙනෙක්ගෙන් ඔය දෙන්නට ප්‍රශ්න එයි. ඒත් ඔය දෙන්න දැන ගන්න ඕන ඔය දෙන්නා වෙනුවෙන් පෙනී ඉන්න. ඔයාලට ඔයාලව ඕන නම් රටේ ලෝකෙ මිනිස්සු අදාලම නෑ. දෙන්නට දෙන්නා වෙනුවෙන් ජීවත් වෙන්න"

"ඔයාගෙ වචන මගේ හිතට ලොකු හයියක් අක්කෙ. ඇත්තමයි. මං දැන් ඉන්නේ ප්‍රශ්න වලින් ඇති තරම් හෙම්බත් වෙලා. මල්ලි නිසා යශ් අයියා නිසා අල්ලන් හිටියෙත්. ඔයාලා වගේ අය මගේ වටේ ඉන්නකන් මට ජීවත් වෙන්න හයියක් තියෙනවා"

"මං කිව්වනෙ චූටියෝ ඕනම දේකට ඉන්නවා කියල. දැන් ඔයත් මගේම මල්ලි වගේ තමයි"

"මටත් අක්ක කෙනෙක් නැති නිසා මං ඔයාව මගේ අක්ක කර ගන්නම්"

"අනේ හා..... ඔයාව දැක්කම, ඔයත් එක්ක කතා කරාම හරි ලෝබ හිතෙනව. අපේ සුදූ ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ ඇයි කියල මට දැන් තේරෙනවා"

දඬු මොණරු ✅Where stories live. Discover now