දඬු මොණරු 52

2.7K 323 51
                                    

වැල්ලේ ඉද්දි වගේ නෙවෙයි ගමේ ඉද්දී සිංහල හින්දු අලුත් අවුරුදු උණුසුම දැනෙනවා වැඩියි. වැල්ලේ නම් අපේ ගෙදරයි තව ගෙවල් දෙක තුනකයි වගේ තමයි අවුරුදු සැමරුවේ. ඒ අනිත් ගෙවල් හින්දු ආගමේ අය. අපේ ගෙදර අලුත් අවුරුදු, නත්තල් දෙකම සමරනවා.

අවුරුදු කාලෙට අපේ ගෙදර විතරයි සිංහල අවුරුදු කෑම හදන්නේ. අම්ම ඉතින් මුළු වැල්ලටම බෙදන්න කැවුම් කොකිස් බඳිනව.තාත්තා නැති උනාට පස්සෙ අපි අවුරුදු, නත්තල් වගේ දේවල් හොඳට සැමරුවේ නෑ.ඒත් අම්ම අපි දෙන්න වෙනුවෙන් මොනව හරි කෑමක් හැදුවා.මේ පාර අපිට විතරක් නෙවෙයි වැල්ලටත් ඒ කෑම නැති අඩුව ගොඩක් දැනෙයි.

ගමේ අනිත් මිනිස්සු අවුරුද්දට ලෑස්ති වෙද්දි අපි විතරක් ඔහේ උන්නා. අපිට අවුරුදු ඕන නෑ, අම්මත් නැතුව මොන අවුරුදුද, සීයල වත් අවුරුද්දට මුකුත්ම කෑමක් හැදුවෙ නෑ තාම.......

මමයි මල්ලියි අපේ වගා කරපු පැල වලට උදේ වතුර දාන ගමන් හිටියෙ.බුලත් වැල් නම් ඉනි බදාගෙන සරුවට උඩට උඩට ගිහින්. මිරිස් පැල වල, එළවළු පැල වලත් චූටි චූටි මල් එන්න පටන් අරන්. එළවළු වැල් නම් තාම හැදෙන්න ඕන. මංඤ්ඤොක්කා දඬුත් සරුවට පැල වෙලා. මේවාට වැඩිපුර මහන්සි උනේ මල්ලිනේ.

අපි දෙන්න වතුර දාල පාත්ති එහෙම සුද්ද කරලා, වත්තත් ටිකක් අස් පස් කරල ගේ පිටි පස්සෙ බංකුවේ ඉඳගෙන හිටියෙ. ඉස්කෝලෙ නිවාඩුනෙ.අවුරුද්ද සැමරුවේ නැතත් අපි ගෙවල් දොරවල් අස් පස් කරා.

"අයියෙ.... අම්ම හිටිය නම් වැල්ලටම බෙදන්න මේ වෙද්දි කෑම හදනවා නේද"

මල්ලි බිම බලාගෙන කියෝනව. අම්ම නැතුව ගෙවෙන පළවෙනි අලුත් අවුරුද්ද. ඒ නිසාම අනිත් ගෙවල් වල අවුරුදු සමරන්න ලෑස්ති වෙද්දි අපිට ඉතුරු පරණ මතක විතරයි. මල්ලිත් ඒ පරණ මතක වල ගිලිලා..... මං වගේම......

"මටත් ඔය දේවල් මතක් වෙනවා බං, ඒත් අපි මොනව කරන්නද මල්ලි. අම්මත් කොහේ හරි ඉඳන් බලන් ඇති.... අනේ මගේ පොඩි උන් දෙන්නට කැවුම් ගෙඩියක් වත් බැඳලා දෙන්න විදියක් නෑනෙ කියල දුක් වෙනවත් ඇති"

මං පොඩි එකාව මගේ උරහිසට හේත්තු කරන් කියද්දි මටත් නොදැනීම ගලාගෙන ගිය කදුළක් මල්ලිගෙ අත උඩට වැටුණා. ඒ නිසා වෙන්න ඇති ඒකා ගැස්සිලා ගිහින් ඔළුව උස්සලා මගේ දිහා බැලුවේ.....

දඬු මොණරු ✅Where stories live. Discover now