දඬු මොණරු කියන්නේ මගේ අතින් ලිය වෙච්ච දිගම කතාව. ඉතින් කොටස් 56 ක් පුරාම මං එක්ක හිටිය හැමෝටම ගොඩාක් ස්තූතියි.
කතාව ලියන්න පටන් ගත්තේ ඩේලි අප්ඩේට් දෙන්න හිතන්. ඒත් ඉතින් පස්සෙ මට ඒක කර ගන්න බැරි උනා. ඒත් ඔයාලා මට පීඩනයක් නොදී ඉවසන් හිටිය එකට ගොඩාක් ස්තූතියි.
මට හම්බ උන රීඩර්ල හැමෝම හරිම හොඳයි. සමහර වෙලාවට කතාව ලියා ගන්නම බැරි උනාම ඔයාලගේ කමෙන්ට් වලට පුළුවන් උනා කතාව ලියන්න හයියක් වෙන්න. සමහර අය එක දිගට දාපු කමෙන්ට් වල නොටිෆිකේශන් එක දිගට දකින කොට මට හරිම සතුටුයි. කතාවක් ලිව්වම අපිට ලැබෙන එකම දේ අන්න ඒ සතුට විතරයි.
ඒ නිසා රීඩර්ලගෙන් ආදරෙන් ඉල්ලනවා මහන්සියෙන් කාලය වැය කරල ලියන කතාවක් නිකන්ම කියවලා යන්නෙ නැතුව වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැම ඕතර් කෙනෙක්ටම මේකෙන් ලැබෙන එකම දේ ඒක විතරයි.
මං කවදාවත් වෝට්, කමෙන්ට් කරන්න කියල බල කරල නෑ. කියවන්නේ එක්කෙනයිද එයා වෙනුවෙන් හරි ලියනවා. ඒ උනත් වෝට්, කමෙන්ට් දැක්කම සතුටු හිතෙනවනෙ...
නිල් ඇස් තියෙන ඇටි කිච්චා, නපුරු කොණ්ඩ කුරුල්ලා, චීන පටස් එකක් වගේ පුපුරණ බිම් මල, බ්රේක් නැතුව හඳට යන හිනා මල, ඕපදූප නැතුව හුස්මක් ගන්න බැරි බඩජාරි හිච්චි රොයිටරේ, පම්පෝරි ගහන බලන්ගොඩ මානවයා..... නේත්රගෙ හිච්චි මැරයා. දුවික අයිය, හසා, පොඩි මහත්තයා...... තව චරිත ගොඩක් අස්සේ ලියවුණු කතාවේ මේ චරිත ගැන ඔයාලට කියන්න තියෙන ඕනෑම දෙයක් මෙතන කියන්න. මං ආසාවෙන් බලන් ඉන්නවා ඒවා කියවන්න ❤️
නේත්ර කියන නිල් ඇස් තියෙන චරිතෙ මගේ අතින් මැවුනේ මෙන්න මෙයා නිසයි.
YOU ARE READING
දඬු මොණරු ✅
Non-Fiction"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්ර.....නේත්ර...මගේ නම නේත්ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ග...