ගෙදර ගොඩක් දෙනෙක් ඉදල ගියාට පස්සෙ වෙනදට නැති ලොකු පාළුවක් දැනෙනවා. ඊයේ ගෙදර පිරිලා කට්ටිය හිටිය. දැන් මමයි මල්ලියි විතරයි. ආයෙත් පුරුදු පාළුවෙන් තනිකමෙන් අපිව වෙලා ගත්තා.
මල්ලි අපි දෙන්නටම තේ හදන් ඇවිත් මටත් දුන්නම අපි දෙන්න සාලෙට වෙලා තේ බිව්වා. ඉතුරු වෙච්ච කැවිලි ටිකකුත් තියෙනවා. හසාලාගෙ ගෙදරට එහෙම යවන්න ඕන.
දානෙට හම්බ වෙච්ච දේවල් අපේ සාලෙ පැත්තක තියලා තිබ්බ. ඒවත් දකිද්දී මට හිතුනේ චූටි මාමලාට, හසාලට එහෙම දෙන්න ඕන කියලා. ඕවා බදාගෙන ගොඩ ගහ ගන්නවට වඩා කාට හරි දෙන එක හොඳයි, ඒකෙනුත් පිනක් ලැබෙනවා නම් අම්මටනෙ.
"අයියෙ ඔයාට කෝල් එකක්"
මගේ කල්පනාව හොඳ කමට ඒක ඇහුනෙත් නෑ. ඉක්මනට කාමරේට දුවන් ඇවිත් ඇද උඩ තිබ්බ ෆෝන් එක ගත්තේ යශ් අයියා කියල හිතාගෙන උනත් කෝල් එක තඹර අයියගෙන්, මෙච්චර දවසක් බ්ලොක් කරලා තිබ්බ එයාගෙ පරණ නම්බර් එක අද ආයෙත් අන්බ්ලොක් කරානෙ. වෙන වෙලාවක නම් මං මේ කෝල් එක ආන්ස්වර් කරන්නෙ නෑ, ඒත් දැන් එයාව මඟ අරින්න එපා කියලමයි හිත කියන්නෙ.
"නේත්‍ර, සොරි මැසේජ් එකට රිප්ලයි නොකලට, මට ටිකක් කතා කරන්න ඕන කියලා හිතුන නිසයි කෝල් එකක් ගත්තේ, කමක් නෑ නේද නේත්‍ර"
"කමක් නෑ අයියෙ"
"ඇයි නේත්‍ර එක පාරටම මගෙන් හොදින්ද ඇහුවෙ, ඔයා වෙච්ච දේවල් දන්නවද"
"අද කවිඳු අයියව හම්බ උනා. එයා හැම දෙයක්ම කිව්ව, ඒ දේවල් ඇත්තද අයියෙ"
"ම්ම්ම් ඔව් නේත්‍ර, අම්මත් ඒක ඇත්ත කියල පිළි ගත්තනෙ"
"දැන් මොකද අයියෙ කරන්නෙ, ඔයා කොහෙද ඉන්නේ, ඔයා හොඳින්ද"
"බෝඩිමේ ඉන්නෙ නේත්‍ර, ඇත්තටම මං හොඳින් නෙවෙයි නේත්‍ර, මෙච්චර කල් මගේම කියලා හිතන් හිටිය අය මගේ නෙවෙයි කියලා දැන ගත්තම හොඳින් ඉන්නෙ කොහොමද නේත්‍ර.......
මේ දේවල් හීනයක් වෙනව නම් මං කැමති. එයාලා මගේ ඇත්ත අම්මයි තාත්තයි නෙවෙයි කියලා දැන ගත්තම මට ඒක දරා ගන්න බෑ නේත්‍ර, අනිත් එක මට ආදරෙන් හිටපු ආච්චි අම්මා ඇත්ත දැන ගත්තම මට කිව්ව කතා.... ඔයාලට ඒවා ඇහුනෙ නෑනෙ නේත්‍ර"
YOU ARE READING
දඬු මොණරු ✅
Nonfiksi"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ග...