"ඇයි මැණික මේ, වෙනදට මං එන්න කිව්වම නේ එළියට එන්නේ"
"ඔයා එනකම් බලන් හිටියෙ, එනවා දකිද්දී දැනුන සතුටට දුවන් ආවේ"
මං දුවගෙන ගිහින් යශ් අයියව බදාගෙන එහෙම කිව්වට පස්සේ එයා කරේ මාව හරහට උස්ස ගත්ත එක. මං කරේ ඒ බෙල්ල අස්සේ මූණ හංග ගත්ත එක. එයාගෙ හිත රිදෙයි කියලයි මං බොරු කිව්වෙ, මගේ හිත කලබල වෙලා තියෙන තරම එයාට දැනෙන්න දෙන්න හොඳ නෑ.
"මොකක් හරි ප්‍රශ්නයක්ද මැණික"
"අනේ නෑ අයියෙ, මට ඔයාව මතක් උනා, ඒකයි මඟ බලන් හිටියෙ"
සුදු අක්ක කියන්නත් කලින්ම මට යශ් අයියා කියල තිබ්බනෙ ගෙදර අයට කියන්න ඕන කියලා. ඒත් එදා නොදැනුන පීඩනයක් අද දැනෙන්නේ, මං හොඳටම දන්නවා යශ් අයියා මට කියන්නෙත් සුදු අක්ක කිව්ව දේම තමයි, එයාගෙ ප්‍රශ්න ගැන හිතලා හිත කලබල කරගන්න එපා කියයි.එහෙම ඉන්න තිබ්බ බොරුවට ආදරේ කරා නම්.
එයාගෙ ප්‍රශ්නයක් කියන්නේ ඒක මටත් අදාලයි, එයා ප්‍රශ්නෙක ඉද්දී, දුකෙන් ඉද්දී මට ඒ ගැන නොහිතා ඉන්න පුළුවන්ද, එයාලට කියන්න ලේසි උනත් මට ඒක කරන්න ලේසි නෑනෙ.
"මගෙ මැණික මං එනකම් බලන් හිටියද ඉතින්, මටත් මුළු දවසම ලඟින් හිටියත් ඇති වීමක් නෑනෙ ඉතින්, ඒ උනාට හවස් වෙද්දී දොරවල් ඇරගෙන ඉන්න එපා හොඳද, මේ පැත්ත පාළුයිනෙ මැණික, අර පිටි පස්සෙන් කැලේ.....ඕන එකෙක්ට මේ අඩි පාර දිගේ එන්නත් පුළුවන්, මතකනෙ එක පාරක්"
"ම්ම්ම් හරි ආයෙ එහෙම කරන්නෙ නෑ"
"මං චූටි බලු පැටියෙක් ගෙනත් දෙන්නම් හදන්න පුළුවන්ද"
"අනේ....පුළුවන් පුළුවන්....ගෙනත් දෙන්නකො"
"උකුල උඩ ඉඳන් නටන්න එපා බං, හරි හරි මං ගෙනත් දෙන්නම්, කූඩුවක් එක්කම ගේන්න ඕන, ගෙදර ඉන්න වෙලාවට විතරක් ඌව එළියට ගන්න"
"හා, මල්ලිත් ආසාවෙන් හිටියේ බලු පැටියෙක් හදන්න"
"ඔයාලගේ ආරක්ෂාවටත් හොඳයි ඒක"
"කවද්ද ගෙනත් දෙන්නේ"
"මං පිවිතුරුට කියන්නම්, එයා ඉක්මනට හොයල ගෙනත් දෙයි"
YOU ARE READING
දඬු මොණරු ✅
Non-Fiction"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්ර.....නේත්ර...මගේ නම නේත්ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ග...