දඬු මොණරු 56

5.2K 440 220
                                    

"සුදු මැණික"

"ම්ම්ම්"

"මෙහෙ ගොඩක් සීතලයි නේද"

"ම්ම්ම්"

"දැන් අපිටම කියල නිදහසේ ඉන්න ගේකුත් තියෙනවා නේද. චූටිගෙ රූම් එක තියෙන්නෙත් ඈතනෙ"

"ම්ම්ම් ඉතින්"

"නෑ ඉතින්...... මේ..... දැන් මට ඉන්නෙත් අර සුදු ඇදුම ඇදන් ඉස්කෝලෙ ගිය හිච්චි ඇටි කිචි කොල්ලෙක් නෙවෙයිනේ නේද"

"ම්ම්ම්"

"පොහොට්ටුවක් හැමදාම ඒ විදියටම තියෙන්නෙ නෑනෙ. කවදාහරි පිපෙන්නත් ඕන නේද, බඹරෙක් ගෙ පහසත් ලබන්න ඕන නේද"

එක අතක් නවලා ඔළුව යටින් තියාගෙන, අනිත් අතින් පපුව උඩ ඉන්න මාවත් තුරුල් කරන් එයා දෙයක් කියා ගන්න බැරුව ලත වෙද්දි මං තොල් දෙක තද කරන් පිට පනින්න හදන හිනාව නවත්ත ගත්තා.

එක්කෙනෙක්ට මට දෙයක් කියා ගන්න බැරුව ලත වෙනවා. උඹ හැරෙන කොටම මං දන්නවා අයියෙ ඔය කියා ගන්න බැරුව දඟලන්නේ මොකක්ද කියලා. හිතේ ඇති මං බබා කියල........

"අයියෙ"

"ඇයි මැණික"

"මෙච්චර ලේසියෙන් නහය අල්ලන්න පුළුවන් කම තියෙද්දී ඇයි ඔළුව වටේ අත යවලා නහය අල්ලන්න හදන්නේ. වහෙන් ඔරෝ නැතුව ඔහෙන් වරෝ කියල ඔය කියන්න තියෙන දේ කියල දාන්න"

"ආහ්..... උඹ නම්"

ලැජ්ජ හිතුන පාර වෙන්න ඇති මාව ඇද උඩට අතෑරලා දාලා එයා මගේ ඇග උඩට ආවේ.

"මං ඉවසන් හිටිය ඇති නේද මැණික...... දැන් උඹට මං වෙනුවෙන් ඉවසන්න පුළුවන් නේද. මං දාගෙන තිබ්බ සීමාව කඩලා ඉස්සරහට යන්න අවසර දෙනවද"

"මට ඔයා වෙනුවෙන් ඕනම දෙයක් ඉවසන්න පුළුවන් අයියෙ.මං ඔයාට ඒ අවසරේ දුන්නෙ මං ඔයාට ආදරෙයි කිව්ව දවසෙ ඉඳන්මයි"

"එහෙනම් මේ වියපත් බඹරට අවසරයි නේද සුදු නෙළුමේ පෙති දිග ඇරලා රොන් රස විඳින්න"

"ම්ම්ම්"

වැඩ්ඩ වගේ දැඟලුවට මොකද ලැජ්ජ, බයට හැදිච්ච කොල්ලෙක් නිසා ඒ දෙකම දැන් උපරිම මට්ටමේ. කතා කර ගන්න බැරි තරම්, වචනත් හිඳිලා........

දඬු මොණරු ✅Where stories live. Discover now