දඬු මොණරු 47

2.6K 315 51
                                    

හසාත් ආවට පස්සෙ මමයි, ඌයි කණියයි තේ මේසෙ ලෑස්ති කරන්න සෝමා නැන්දට උදව් උනා. බණ අහන්න වේලාසනින් එන අයට තේ දෙන්න එපැයි. දැනටමත් එක්කෙනා දෙන්න එනවා.

යශ් අයියගෙ ගෙදර අයත් ඇවිත් සීයා එක්ක කතා කර කරම ගේ ඇතුලට ගියා. සුදු අක්කත් චූටි බබා එක්ක ආවත් එයා අපිව දැක්කෙ නෑ තාම. අනිත් එක එයාගෙ නංගිත් ආවා.මං හිතුවෙ එයා යන්න ඇති කියලා.එක සන්නියක් නම් එලෝ ගත්තා.මෙයාව නම් දුම්මල ගහල වත් එළෝ ගන්න බැරි වෙයි වගේ....

යශ් අයියයි, ජූඩ් අයියයි මිදුලෙ කවුරුත් නැති තැනකට වෙලා ලොකු කතාවක්. අනිත් අයව හවුල් කර ගත්තේ නැති කතාවක් නිසා ෂුවර් එකටම ඕක රුකී ගැන වෙන්න ඕන.

අපි තේ මේසෙ හදල ඒක සුදු රෙද්දකින් වහල ඉවර වෙලා ගෙයි පිටි පස්සෙ මඩුවට ගියා. බාබු අයියයි සර්ලා දෙන්නයි, පිවිතුරු, දුවී අය්යලා දෙන්නයි එතන හිටියෙ. චවියා මල්ලිලා එක්ක එකතු වෙලා මොනවද මන්දා බොරු වගයක් කියෝනව, පොඩි උන් ටිකත් කට ඇරන් අහන් ඉන්නවා. චවියගේ ළමා මානසිකත්වයට සෙට් වෙන්නේ පොඩි උන්ම තමයි.

මඩුවේ පැත්තක ලොකු වතුර මුට්ටියක් ලිපේ තියලා, තේ හදන්න. නැන්දලා දෙතුන් දෙනෙක් තව පැත්තක රෑ කෑම හදනවා. කෝකියෙක් හිටියත් එයාට උදව් කරන්න එපැයි. මද්දු මාම නම් ඉස්සරහට වෙලා හිටියා එන මිනිස්සු එක්ක කතා කරන්න.

"සඳ ඔය වතුර මුට්ටිය ලඟ දඟලන්න එපා මනුස්සයෝ, ඕක ඇගට වත් පෙරළෙයි"

සඳ කුමාරයා අර වතුර මුට්ටියේ පියන අරින්න යද්දි බිම් මල කෑ ගැහුවා. බලන්න ඉතින් ඒ ආදරේ....

"ඇයි සුදු අයියෙ තේ හදන්නේ නැද්ද දැම්ම"

"තේ හදන්න දන්නවද"

"යන්තම් ශේප් කර ගන්න පුළුවන්"

"යන්තම් ශේප් කරන් එන මිනිස්සුන්ට බොන්න දෙන්න පුළුවන්ද සඳ. අන්තිමට ඒ මිනිස්සු තේ හැදුවෙ කව්ද කියලා අහගෙන ඇවිත් ඔයාට ගහල යයි, ඒ වෙලාවට මං නම් නෑ හොඳේ. අනේ සුදු අය්යේ ගාගෙන අඩාගෙන එන්න එපා"

බිම් මල හිනා මලව විහිළුවට අරන්. හිනා මල මූණත් දෙක කරන් ගිහින් පුටුවකින් වාඩි උනා.

දඬු මොණරු ✅Where stories live. Discover now