103 වන කොටස

102 16 21
                                    

දන්නෙම නැතුව අපි අවුරුද්දෙ දෙවෙනි මාසෙටත් ඇවිත්....පහුගිය සති දෙක තුනේම අපිට ෂාන් අයියලව හම්බ වුනේ නැති තරම්...මොකද එයාලගේ එක්සෑම් එක පවා දැන් ඉවර වෙච්ච හින්දම ඩබලට එයාලගෙ ෆැමිලි බිස්නස් වලට බැහැලම වැඩ කරන්න සිද්ද වෙලා... පවුල් දෙකටම ඉන්න එකම කොල්ලො දෙන්නා වෙච්ච එකේ ඉස්සරහට උන්ගේ ෆැමිලි බිස්නස් ගැන බලාගන්න සිද්ද වෙන්නෙත් උන් දෙන්නටම තමයි......ඇරත්  ඔය කැම්පස් ඇප්ලයි කරන වැඩ වලට එහෙම තරමක් බිසී වෙච්ච හින්දම අපිට උන් දෙන්නව වෙනදට වඩා පොඩ්ඩක් වැඩියෙන් මග ඇරුනා කියලා කිව්වොත් මං හරි.....

අද පෝය දවසක්..... මගේ කාමරේ බැල්කනි එකට අහස මහ පුදුමාකාර තරම් ලස්සනට පේනවා....මට අයියව මතක් වුනා...එයත් මේ විදියටම එයාගේ බැල්කනි එකට වෙලා අර ඈතින් පේන ලස්සන හඳ දිහා බලාගෙන මේ මං වගේම සුපිරි මනෝ පාරක් ගහනවා ඇති නේද කියලා මට හිතෙන්න පටං ගත්තා......

පහුගිය දවස් වල අපිට සෑහෙන්න ලොකු දේවල් වලට මුහුණ දෙන්න සිද්ද වුනා....මොනවා වුනාද කියලා කියන්න නොදන්නවා වුනාට මොකද පොලිටිකල් සබ්ජෙක්ට් එක වගේම බිස්නස් ෆීල්ඩ් එකෙත් මහ අමුතුම විදියේ දේවල් සිද්ද වෙන්න පටං ගත්තා..... මේ ඊයෙ පෙරේදා ලොකු බිස්නස් මන් කෙනෙක් වෙච්ච විරාජ් විජේසූරියව මහ පාර මැද බල්ලෙක් වගේ මරලා දාලා තිබුනා....මිනිස්ටර් රණසිංහට උගෙ ඇමති කං පවා අත ඇරලා දාලා රටින් පිටවෙන තැනටම අන්තිමට වැඩ සිද්ද වුනා...අර නිල් කුරුමිට්ටගෙ ඌස්නෙ දැන් බහින්න ඇති...මහ ලොකු ඇමති පුතා.... දැංවත් මිනිහා උගෙ කට පුක පියාගෙන පාඩුවේ හිටියොත් නං හොදයි......

අනේ මන්දා මට කියන්න තේරෙන්නේ නෑ...ලෝයර්ස්ලා එහෙං ෆෝම් වෙලා...මීඩියා කාරයෝ මෙහෙන් නහින්න හදනවා...වතාවක් අයියලගෙ ගෙදරට පොලීසියෙන් පවා ඇවිත් ගියාලු.....මේ වෙන කිසිම දෙයක් ගැන මට නරකක් මිසක් හොදක් නම් හිතෙන්නේ නෑ...ඔයාලට ප්‍රශ්නයක් නෑ නේද අයියෙ කියලා මං සහස්ගෙන් මේ ගෙවිච්ච සති කිහිපය පුරාවට කී වතාවක් නං අහන්න ඇද්ද...මං මගේ ඉහේ කෙස් ගානටත් වඩා වැඩියෙන් ඔය කතාව ගැන අයියගෙන් අහන්න ඇති.....දැන් ඉස්සර වගේ නෙවෙයි අපි නිතරම හම්බ වුනෙත් නෑ.....මට බයයි....දේවල් සිද්ද වෙන්නේ හරිම අමුතු විදියට.....මට නං ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියන්න මං දන්නවා....ඒත් අයියලා දෙන්නා ගැන මට බයයි... එයාලා ඉන්න පරිසරයත් එක්ක එතන ඕනම විදියේ දෙයක් සිද්ද වෙන්න පුලුවන්.....අනිත් එක තමයි මහ එවුන්ගෙ කරුම වලට පොඩි එවුන්ට වන්දි ගෙවන්න සිද්ද වෙයි කියන කාරණාව මගේ හිතට අරගෙන ආවේ මහ පුදුමාකාර තරම් ලොකු වේදනාවක්.....

~හීන~[ONGOING]Where stories live. Discover now