109 වන කොටස

210 25 50
                                    

අදට හරියටම මාස දහතුනයි දවස් දහ අටයි.....
පැය වලින් ගත්තොතිං එහෙම පැය නවදාස් හත්සීය අනූ දෙකක් අද වෙනකොට ගෙවිලා ගිහින් ඉවරයි....එතකොට විනාඩි තත්පර වලින් ගත්තොතිං එහෙම... ගෙවිච්ච හැම තත්පරයක් ගානෙම ගනන් හදලා බලන්න ගියොතින් එහෙම මට ආයෙම වතාවක් මගේ කොට්ටෙ තෙමෙනකං මෙතන අඩන්න සිද්ද වෙනවා.....

වෙලාව පාන්දර දෙකයි
හැමදාම ඒ වෙලාවට මතක් වෙන උඹව මට අද වෙනදටත් වඩා වැඩියෙන් මතක් වෙන්න පටං ගත්තෙ ඇයි කියලා කියන්න නං මං දන්නෙ නෑ.... ඒත් මිනිස්සු කියන කතාව සහතික ඇත්ත....නැති උන එකෙක් ගැන මතක් වෙනකොට පපුව ගැලවිලා වැටෙන්න තරම් හරි වේදනයි.....කාලයක් තිස්සෙ අපේ ලගින්ම හිටපු උන් නොදැනුවත්වම අපේ ජීවිත වලට ආගන්තුකයො වෙලා යනකොට උන්ගෙ මතක අපිව පණ පිටින්ම අලු කරවලා දානවා.....මතක කියන දේවල් හරි බයානකයි.....ඒ මතක වලට ඇබ්බැහි වුනොතිං එහෙම පුනුරුත්ථාපනය වෙලාවත් ආයෙ ගොඩ ඒමක් නං ඇත්තෙ නෑ...අධි මාත්‍රාවෙන් පුක දෙන්න ගියාම අන්තිමට තමුන්ට තමුන්වත් නැති වෙලා තමයි ඒ කතාව ඉවරයක් වෙලා යන්නෙ......

දුර යන්න යන්න පෑගෙන්න ඕනෙ පොළොවෙ වැලි කැට මිසක් තමුන්ගේ හදවත නෙවෙයි....ඇරත් මගේ හිත පාගලා පොඩි පට්ටම් කරලා දාන්න පුලුවන් වෙන්නෙ මං ආයෙම වතාවක් තව මනුස්සයෙක්ට ඒ අයිතිය ලියලා දුන්නොත් විතරයිනෙ.... ඉතිං එහෙම නොකරන තාක් කල් මං ආරක්ෂිතයි.... ආයෙම වතාවක් කෙනෙක්ව මං මගේ මුලු ජීවිතේම කර නොගන්න තාක් කල් මට පුලුවන් මාව ආරක්ෂා කරගන්න .... ඒත් ඉතිං දීපු ආදරයක් ආපිට ඉල්ල ගන්න මං ණය පොලී කාරයෙක්ද......ණයක් ඉල්ල ගත්තනං එහෙම මට පොලියත් එක්කම ඒ ණය ආපිට පියවලා දාන්න තිබුණා.... ඒත් දෙයියනේ දීපු ආදරයක් කොහොමද මං ආපිට කාගෙන්වත් ඉල්ලගන්නේ......

නින්ද යන්නෙ නැති තැන මං පස්වෙනි වතාවටත් මගේ මූණ පොඩ්ඩක් සෝදගෙන මගේ ඇදෙන් ආයෙම වතාවක් ඇවිත් හාන්සි වුනා.....

ඇබ්බැහි වෙච්ච එකත් මට අත ඇරලා දාගන්න පුලුවන් වුනා...රෑට මගෙ හීන වලට ඇවිත් මගෙ චූටි මැණික කියලා උඹ මාව ඇවිස්සුවේ නැත්තං....එකතු කරපු මතක මට ලේසියෙන්ම වගේ අමතක කරලා දාගන්න පුලුවන් වෙන්න තිබුනා උඹ පපුව පිරෙන්න දීපු ඒ ආදරේ කොතනක හරි එක අඩුපාඩුවක් වත් මට දැනෙන්න උඹ ඉඩ තියලා තිබුනනං.... කොච්චර බැනලා මට උඹව එපා කියලා මං කෑ ගැහුවත් උඹෙ ෂර්ට් එක තාමත් තියෙන්නේ මගේ මේ පපුව උඩ නැවතිලා අයියේ..... ඒ තරම් උඹේ ආදරේට මං හරි ලෝබයි...ඒ තරම් උඹේ සුවදට මං මහ පුදුමාකාර තරම් ලෝභයි.....ඉතිං උඹට හිතාගන්න පුළුවන්ද චූටිගෙ වස්තුව.....එපා කිය කිය මෙතන පරසක්වල ගහපු එකා අදටත් හොයන්නෙ උඹෙ සුවද විතරමයි කියලා උඹට හිතාගන්නවත් පුළුවන්ද මගේ අයියේ.....නෑ....මට වැරදුනා.....එයා දැන් මගේ නෙවෙයි.....එයාව අයිති දැන් වෙන කෙනෙක්ට......

~හීන~ Where stories live. Discover now