"ඉට්ස් අ සීක්රට්........ බට්, පොඩ්ඩම පොඩ්ඩක් කියන්නම්. "
"ඇයි පොඩ්ඩක්, ඔක්කොම කියන්න.."
කිචන් එකට යනගමන් මම වින්ඩිගෙන් ඇහුවා.
"ඔක්කොම බෑ, පොඩී කෑල්ලක් කියන්නම්, ඔක්කොම අහන්න එපා, කියන්නෑ"
කිචන් එකටම මගේ පස්සෙන් එනගමන් වින්ඩි කිව්වා, ඔක්කොම අහගන්න ගියොත් මෙයා පොඩ්ඩක්වත් කියන්නෙ නම් නෑ තමයි හැබැයි.
"හරි පොඩ්ඩම පොඩ්ඩ හරි කියන්නකො බලන්න"
"සම්ටයිම්ස් ඔයාට ඉස්සරහට ලයිෆ් පාට්නර් කෙනෙක් හම්බවෙයි.."
"වට්.. ඒ මොකද ඒ එකපාරටම "
" වැඩිය කියන්නේ නෑ හරි, හැබැයි ඊයෙ රෑ ඉදල මට එහෙම හිතෙනවා"
"ඇයි පැටියෝ මම ඊයෙ රෑ ඔයාට නිදාගෙන ඉන්නකොට මොකුත් කරලා දැන් ඔයාට මං ගැන පොඩී ලව් එකක් ඩවුන්ලොඩ් වෙනවද ආ... "
මම වොයිස් එක වෙනස් කරලා ඇහුවේ වින්ඩිව අවුස්සන්න, නැත්තම් මෙයා කියන විදිහට ඊයෙන් පස්සෙ කොහෙන්ද එකපාරටම මට ලයිෆ් පාට්නර් කෙනෙක් ආවෙ..
"වරා මේහ්.. ඔයා හිනා වෙවී ඉන්නකෝ මන් කිව්ව දේ හරි ගියාම එයි අනේ වින්ඩියෝ අහන්නකෝ කියාගෙන, අන්න එතකොට මම සාක්ශිත් එක්කම ඔප්පු කරන්නම්"
"සීරියස්ලි.. මම එහෙම කරයිද"
"අද ඩේට් එකයි ටයිම් එකයි මතක තියාගන්නකෝ, වෙයිට් ඇන්ඩ් වොච් වරා"
එහෙම කියන ගමන් වින්ඩි එකපාරටම මාව හග් කරා, ඒ මොකත ඒ.. කමක් නෑ වින්ඩිගේ හැටි නේ. මම ඒක එච්චර ගනන් ගත්තේ නෑ. එයා ස්කූල් යන කාලෙ ඉදලම මෙහෙම නිසා ඒක හරිම නෝමල් දෙයක්..
"හරි බලමුකො ඔයා කියන කතාව මොකක්ද කියල, දැන් හොද බබා වගේ ගිහින් බ්රෙක්ෆස්ට් ගමු, ඉක්මනට මන් වොශ් එකක් දාන් එන්නම්"
එහෙම කියල මමයි වින්ඩියි කිචන් එකෙන් එලියට එන්න හදනකොට සාරා ඉන්නවා මූනත් මොකක්ද කරගෙන.
"ඇයි සාරා.."
"මේ.. මේව දෙන්න ආවෙ, මම හැදුවේ "