මම එකපාරම එයා නොහිතපු විදිහට කෑ ගහපු සද්දෙ නිසාම සාරා බයෙන් වගේ මගෙන් ඇහුවා."තරහ ගන්න..?? තමුසෙ මට මේ මෙච්චර තරහ ගිහින් ඉන්න වෙලාවෙ මගෙ ඉවසීමෙ සීමාව මනිනවද ආ.. කියපන්.."
මගෙ තරහ නිසාමද මන්දා සාරාගෙ ඇස් වලට කදුලු පිරුණා.
"කෝ.. කතා කරනව ඉතින්..."
මනුස්සයෙක්ව වර්ණනා කරන එක තරහ ගන්න දෙයක් නොවුනත් මම තවත් කෑගැහුවේ තරුල් එක්ක තිබ්බ තරහත් එක්ක සාරා කිව්ව කතාව නිසා මෙ වෙනකොට මගෙ තරහ ඩබල් වෙලා තිබ්බ නිසා.
"අනේ අහන්නකො තරහ ගන්න එපා මම ඒක ජෝක් එකට කිව්වෙ ෆ්ලෝරා.."
"Joke..?? Are you kidding me saara...? තමුසෙට මාව ජෝකර් කෙනෙක් වගේ පේනවද, අරූ තමුසෙගෙ අතින් අල්ලපු එක නිසා මම තමුසෙගෙ අත සෝදපු එක පේන්නෙ විහිලුවක් විදිහටද?"
"නෑ එහෙම නෙ..."
"එහෙම නෙවෙයි කියන්න එපා මම තමුසෙට තියෙන ආදරෙ නිසා එහෙම කරේ, මම කැමති නෑ වෙන කාගෙවත් හුස්මක්වත් තමුසෙට වදිනවට, තමුසෙට ඒක පේන්නෙ ජෝක් එකක් වගේ නේහ්.. මම හොද mood එකක නෑ කියල දැනගෙනත් ඒ වගේ කතාවක් කියන්නෙ ඒකනේ.. තමුසෙ ආසද එහෙම වෙන කෙල්ලො ඇවිත් මාව අල්ලනවට ආ.."
සාරාට කතා කරන්නවත් නොදී මගේ හිතේ තරහටම මම සාරාට කෑ ගැහුවා.
"මම ආස නෑ වෙන අය එනවට ඔයාගෙ ලගට, අනෙ සොරි ෆ්ලෝරා.. මම ආය කියන්නෙ නෑ තරහ ගන්න එපා ප්ලීස්.."
"මං ගැන දැනගෙනම ඔහොම කියවලා දැන් සොරි කියන්න එපා සාරා.. තමුසෙ වෙන එකෙක්ව හැන්ඩ්සම් කිව්වනම් මම ඒක ප්රශ්නයක් කරගන්නෙ නෑ, තමුසෙට අර විදිහට කරදරයක් වෙන තමුසෙට කැමති කියල පස්සෙන් එන එකාව හැන්ඩ්සම් කියල මගෙත් එක්කම කියවන්නේ ඒ වෙලාවෙ ඌටම කියන්න එපැයි 'අනේ අයියා ඔයා හරි හැන්ඩ්සම්' කියල, මොකටද මට කියන්නෙ, ඌගෙ නම්බර් එක දෙන්නම් කතා කරල කියනව තමුසෙ ඕක ඌටම, මම යනව"
එහෙම කියලා සාරා මොකුත් කියන්න කලින්ම මම සාරාගෙ ගෙදරින් ආවෙ තව හිටියනම් මට තරහට තව මොනව කියයිද කියල මම දන්නෙ නැති නිසා.
ඇත්තටම තරුල්ගෙ සිද්දිය නිසා තරහෙන් අවුලෙන් හිටිය මට සාරාගෙ කතාව නිසා තවත් හිත රිදුන එක උනේ.
![](https://img.wattpad.com/cover/372435706-288-k180206.jpg)