"I can't understand what you are saying, let's go home now..." කියල තවත් මොනවදො කිය කියාම ජෙසී මාව ගෙදර එක්කන් ආවා. මම එනකන් නම් කරේ පාරෙ ගියපු කාර් වල ටයර් කීයක් තිබ්බද කියල ගනන් කරපු එක. කොහෙද හරි ගියෙ නෑ ජෙසී කාර් එක ඩ්‍රයිව් කරෙ රිවස් එකටනෙ.
"Saraaah .. i'm back saraaaa... ඔයාගෙ ෆ්ලෝරා ගෙදර ආවෝ..."
ජෙසී මාව ගෙදරට එක්කන් ආවෙ වැනි වැනී.. අනේ මන්දා මේ ජෙසී කෙලින් ඇවිදින්නෙ නැත්තෙ ඇයි කියල හිතලම දැන් නම් මගෙ ඔලුවත් රිදෙනව වගේ. මම බැලුවෙ කෝ සාරා මොකද පේන්න නැත්තේ කියල.
"කෝ ජෙසී මගෙ සාරා..."
ජෙසී උත්තර දෙන්නෙත් නෑ. මගෙ මායාකාරිත් නෑ. සමහරවිට අර හස්බන්ඩ් drinks ගත්තම wife තරහ වෙනව වගේද දන්නෑ.
"කෝ.. එන්නකෝ... ඔයා මගෙ සුදු පුලුං බෝලෙනෙ ඉතින්..."
"Mommy Florance has a lot of drinks and speaks in Sinhala, I don't understand mommy..."
සාරාට කතා කරාට ආවෙ මමීනෙ.. මම මේ කොහෙද ඉන්නේ.. ආ.. අමතක උනා මම ඉන්නෙ මහා බ්‍රිතාන්‍යයේ මගේ මමීගේ palace එකේනෙ.
"Babyy.... Now let's go to sleep, shall we?..."
"No mommy noo... i neeeeeeed my saaaaaraah..."
"Let's talk to sara in the morning. Now if you sleep like a good baby, sara will talk in the morning.."
"Really...?"
"Yes darling..."
හොද බබෙක් උනොත් සාරා කතා කරයි කියල මමී කිව්ව නිසා නිදාගන්නෙ.. නැත්තම් මම ඉන්නවා සාරා කතා කරනකන්ම.
"Florance, take off your trouser and t-shirt.. It's hard for you to sleep"
මේ ජෙසී කියන කතා. මට පුලුවන්ද ඒම ඇදුම් ගලවන්න.. නරි නරකයි.. සාරාට කියනව මම.
"You are a very bad girl Jessieeeee.... What do you expect from taking off my clothes..."
"Aaaashhh.... florance... listen... You take off those clothes and put on a light dress.. then sleep.. I said it.. okey..."
හම්මෝ.. මම බය උන තරමක්.. මම කැමති නෑනෙ මගෙ hot and spicy figure එක කවුරුත් දකිනවට.. නරක දෙයක් උනොත් කාට කියන්නද ඉතින්.. එහෙම උනොත් වින්ඩි එයි මාව බේරගන්න.. කමක් නෑ ජෙසී කියන විදිහට කරනව.. මට ආදරෙයි නෙ මෝඩ ජෙසී.
.............................................................................................
11ත් පහුවෙලා වෙලාව. නැගිටල ඉදගෙන මම කල්පනා කරේ මොකක්ද ඊයෙ උනේ කියල. මම club එකට ගිහින් පාඩුවෙ ඉදගෙන හොදට drinks ගත්තා කියල මතකයි. ජෙසී එක්ක ගෙදර ආවා වගෙත් මතකයි. ඒත් මොනවද කිව්වෙ කරේ කියල නම් කිසිම මතකයක් තිබුනේ නෑ. හැබැයි ඉතින් යන්තම් ඔලුව නම් රිදුනෙ නෑ. ඒත් මොන දේවල් කිව්වත් කරත් දැනෙන්නෙ පුරුදු pain එක විතරයි කියල තේරුනේ තාමත් මතක් වෙන්නෙ සාරා නිසා.