3rd Episode 🖤

270 21 20
                                    

"ඇයි දැනුනෙ නැද්ද මොකක්ද කියල..."

"ඒක තමයි මාත් අහන්නෙ මන් හිතුවෙ නෑ ඔයා මට මෙහෙම කරයි කියල"

"හිතන දේම නෙමේනෙ වෙන්නෙ නංගී, මට කරපු දේට රිටර්න් එක ඔය, අමතක නෑ නේද
Miss.Nikini saranya?  ම්ම්ම්ම්"

සාරට හිතාගන්න බැරි වෙන්න ඇති, මොකද මන් කීයටවත් රිටර්න් එක දෙනව කිව්වට සාරා මගේ අත හැපුව වගේ එයාගෙ අත හපයි කියල නම් හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. බට් මන් ඒක කරපු නිසා ආයම මගේ ශීට් එක මගේ කරගන්න මට පුලුවන් උනා. එයාටම වින් කරන්න දීල බෑනෙ. සාරා මොකුත් නොකියා මගේ දිහා රවන් බලන් හිටිය, හැබැයි ඉතින් මම එතන නැවතුනේ නෑ මොකද සාරා ආයම මොනා හරි දෙයක් කරයි කියන පෙනුම එයාගෙ රැවිල්ලෙ තිබුණා. ඕන දෙයක් කරගනීනෙ මට කමක් නෑ කියල හිතන් මම මගෙ දේපල අරගෙන මගේ ආර්ට් රූම් එකට ඇවිත් ඒකෙ දොරත් ලොක් කරල නිදිමතක් තිබුණෙත් නැති නිසා බාගයක් ඇදපු චිත්‍රයක් කම්ප්ලීට් කරන්න පටන් ගත්ත.
..............................................................................................

ඊයෙ රෑ වැඩ ඉවර වෙලා රූම් එකට ආපහු නොගිහින් ආර්ට් රූම් එකේම තියෙන පුංචි සෝෆා එකේ නිදාගත්තෙ මගෙ සේෆ් එක ගැන හිතල, මොකද ඊයෙ වෙච්ච දේ නිසා ඕකටත් සාරා කොයි වෙලාවක හරි මට මොකක් හරි කරන්න බලන් ඉන්න බව අවුරුදු 4ක් තිස්සෙ සාරව දන්න මම දැනගෙන හිටියා. සේෆ් කියල ඉතින් එතන නිදාගත්තට හරියට නින්ද ගියා කියලද හිතන්නෙ, නෑ.. මම රෑට බෙඩ් එකේ නිදාගත්තත් එක විදිහකට ඉන්නෙ නැතුව ඩාන්ස් කරන නිසා මන් හිතන්නේ උපරිම හතර සැරයක් වගේ සෝෆා එකෙන් බිම වැටුනා. හැබැයි සාරා එක්ක ඉන්නවට වඩා ඒක සේෆ්නෙ කියල හිතල තමයි මම හිත හදාගත්තෙ.

කිචන් එකට ගිහින් තාත්ත දුන්නු ටී එකත් අතේ තියන් මම ඉදගත්තෙ ටී එක බොන ගමන්ම තාත්තට උයන්නත් උදව් කරන්නමයි.

"නංගි තාම නිදිද පුතේ"

" ඔව් තාත්තා, ඊයෙ රෑ රණ්ඩු වෙලා මන් එක්ක තරහින් නිදාගත්තේ"

"මොකක්ද අනේ ඔයාලගෙ ෆයිට් එක, පුංචි ලමයි වගේ " තාත්ත හිනා වෙන ගමන්ම ඇහුව. මම ඉතින් මොකක්ද උනේ කියල කිව්වම තාත්තට තවත් හිනා. හැබැයි ඉතින් රිටර්න් ස්ටෝරි එක අයින් කරල තමයි කතාව කිව්වෙ, නැත්තම් හිනාව අස්සෙන් සාරව හැපුව කියල මට බැනුම් අහන්නත් වෙනව කියල දන්න නිසා.

COLD HEARTSWhere stories live. Discover now