ඒත් මම එහෙම කියනවත් එක්කම සාරා වේගෙන් මගේ ලගට ඇවිත් මාව වෝල් එකට තියල තද කරේ මම හිතුවෙවත් නැති තරම් ඉක්මනට, ඒ වගේ රියැක්ශන් එකක් මම සාරාගෙන් බලාපොරොත්තු උනෙත් නෑ.
" මම ගොඩක් ආදරෙයි ඔයාට,
ඒකයි හේතුව, ඔයාට නොතේරුන දේ මම ඔයාට ආදරෙයි කියන එක "" I love you soo much floraa "
මාව කන්ෆියුස් වෙන විදිහට සාරා එහෙම කිව්වම කියන්නෙ මොකක්ද, කරන්නේ මොකක්ද කියල හිතාගන්න බැරුව මම ශොක් වෙලා සාරා දිහා ටිකක් වෙලා බලන් හිටියා.
"සාරා.. මොකක්ද මේ ආදරෙයි කියන්නේ, මට තේරෙන්නෙ නෑ සාරා"
"ඔය මෝඩ මොලේට තේරුනේ නැති නිසා තමයි කෙලින්ම කිව්වෙ"
"ආදරෙයි කියන එක?"
"ඔව් මම ආදරෙයි ඔයාට, ඇත්තමයි"
සාරා එහෙම කිව්වම මට හිනාවක් ගියේ මෙයා දැන් මගෙන් පලිගන්න මෙහෙම වැඩත් කරන්න හිතලනෙ කියල හිතිලා.
"හිනාවෙන්නෙ ඇයි ඔහොම, මම ඇත්තමයි කිව්වේ,"
"ඕවට මම නම් අහුවෙන්නෙ නෑ සාරා, පැය 24න් නිදාගන්න වෙලාව ඇරුණම අනිත් හැම වෙලාවකම රණ්ඩු කරන තමුසෙට පුලුවන්ද සාරා මට ආදරේ කරන්න, නිකම් බොරු නොකියා ඉන්නවා"
ආදරෙයි කියල සාරා කියන මේ කතාව කොහොමටවත් මම නම් විශ්වාස කරන්නෙ නෑ. මාත් එක්ක තියෙන තරහට මගෙන් පලිගන්න හිතන් කියන දෙයක් වෙන්න පුලුවන්
"ඇයි ඔයාට පේන්නෙ නැත්තේ, මගේ මූන දැක්කම මම බොරු කියනව කියලද හිතන්නෙ ෆ්ලෝරා ?"
"ඔව්, මට තමුසෙව පොඩ්ඩක්වත් ශුවර් නෑ සාරා, තමුසෙ මාත් එක්ක හැමදාම රණ්ඩු කරගෙන කරේ පලිගන්න එක, කවුද දන්නේ මේකත් ඒ වගේද කියල,"
"මම රණ්ඩු උනා, පලිගන්නව කිව්වට මම ඔයාට කවදාවත් ලොකු ලොකු දේවල් කරලා මොකක් හරි හානියක් කරාද? නෑනේ.. ඒත් ඔයා මගේ ගැන එච්චරම චීප් විදිහටද හිතන්නෙ ෆ්ලෝරා?, මම එච්චර නරකයිද"
"හොදද නරකද කියන්න නම් මම හරියට දන්නෙ නෑ සාරා, හැබැයි ඔයා මුල ඉදලම මම හොදින් ඉන්න ට්‍රයි කරත් කරේ මට ලොකුකම පෙන්නල රණ්ඩු කරපු එක, මට තමුසෙව පොඩ්ඩක්වත් ශුවර් නෑ සාරා, දැන්වත් ඔය විදිහට මගෙන් පලිගන්න ට්‍රයි කරන එක නතර කරනවා, මට වෙන කෙනෙක් ආදරෙයි කිව්වනම් මම විශ්වාස කරනවා. But you.. i never believe you saraa, never "