15th Episode 🖤

260 26 26
                                    


මේ වෙලාවෙ හරියට වැරැද්දක් කරල අහු උන පුංචි ලමයි දෙන්නෙක් වගේ සදරු අහන ප්‍රශ්න වලට සාරයි මමයි දෙන්නම උත්තර දුන්නා.

"හරි එතකොට වරා උඹටයි නංගිටයි දෙන්නටම අමතක කරන්න බෑ උඹලට ඕන මේ affir එක දිගටම අරන් යන්නද...?"

"ඔව්"

"ඔව්"

සදරු අහපු ප්‍රශ්නෙට සාරායි මමයි දෙන්නම එකට ඔව් කිව්වා, ඒත් එතකොටම සදරු හයියෙන් හිනා වෙන්න පටන් ගත්තම සාරාත් මගේ දිහා බලන් හයියෙන් හිනා උනේ මේ මොකද මේ දෙන්න හිනාවෙන්නෙ කියල මම හිතාගන්න බැරුව බලන් ඉද්දි.

"ඒයි මෝඩ වරා... උඹට මම දවසක් නංගි ගැන කිව්ව දෙයක් අමතක උනාද..?"

"මොකක්ද ඒ"

දෙන්නම හිනාවෙන ගමන් ඉද්දි සදරු මගෙන් අහනකොට මම තාමත් හිතාගන්න බැරුව මොකක්ද ඇහුවා.

"අපේ නංගි පුංචි කාලෙ ඉදන්ම කොච්චර අපි රණ්ඩු උනත් හැම දේම මාත් එක්ක කියනව කියල"

"ඔ ඔව් මතකයි"

"මතකයි, අනේ උඹට මතක නෑ බන් දැන් මම කිව්වම නේ මතක් උනේ..?"

සදරු එහෙම කියද්දි යන්තම් මෙයාලා දෙන්නම හිනා වෙන්න හේතුව මට හිතාගන්න පුලුවන් වීගෙන ආවා.

"එතකොට... ඔයා දන්නවද සදරු?"

"ඔව් බන්, උඹගේ සාරා මුලින්ම දැකපු දවසේ ඉදන් අවුරුදු 4ක් උඹව හිතේ තියන් ආදරේ කරා කියල මම දන්නවා"

මට මතකයි, සාරා ස්කූල් ඇරිල ඇවිත් සමහර දවසට දවසෙම විස්තරේ කියනව සදරුයි මායි දෙන්නම ඉන්න තැන. එහෙම දවසක තමයි සදරු මාත් එක්ක කිව්වේ සාරා පොඩිම කාලෙ ඉදලා එයාගෙ හැම දෙයක්ම සදරු එක්ක කියනවා කියල.

"එතකොට ඒ කියන්නෙ දැන් මෙච්චර දවසක් උඹ දැනගෙන හිටියද අපේ affir එක?"

"යෙස්... A to Z මම දන්නව වරා... කවුද මුලින්ම ආදරෙයි කිව්වෙ, රිජෙක්ට් කරපු විදිහ, ආයම ආදරේ හිතුන ඒවා, මේ කාලෙ ඔයාල අතර උන දේවල් ටික, අන්න ඒ දේවල් හැම එකක්ම මම දන්නවා. ඒක මට ප්‍රශ්නයක් නෙමේ, මම සාම්ප්‍රදායිකව හිතන එකෙක් නෙමෙයි බන්. මුලින් නංගි මේක කියද්දි මම ටිකක් බැන්නත් එක්ක මොකද හරියටම කන්ෆෝම් නැති නිසා, මට හිතුනේ ඔයාගෙ ලුක් එකේ වෙනස නිසා Attracted වගේ කියල, ඒත් පස්සෙ මට තේරුනා මෙයා උඹට ආදරෙයි කියන එක"

COLD HEARTSWhere stories live. Discover now