19th Episode 🖤

228 23 36
                                    


හැමදාම වගේ මේ අත කවදාවත් අතාරින්නෙ නෑ කියල හිතන ගමන්ම මම සාරාගෙ අතින් අල්ලගෙන ගාර්ඩ්න් එකේ තවත් පැය ගානක් ඔහේ ඇවිද්දේ ජීවිත කාලෙම මට මේ අත අල්ලන් තව ලොකු දුරක් යන්න ලැබෙන්න කියල හිතින් ප්‍රාර්තනා කරන ගමන්.

.............................................................................................

සාරා එක්ක ගෙදර ඇවිත් රෑ වෙලා මම සදරුට කෝල් කරේ තරුල්ගෙන් තිබුන කරදරේ තවත් වැඩී කියන එක එයාට කියන්න. තරුල් ගැන හැම දෙයක්ම කලින්ම සාරයි මමයි සදරුට කිව්වා. ඉතින් අදත් උන දේ ඔක්කොම මම සදරු එක්ක කිව්වෙ මේ වෙලාවෙ මේක ගැන එයා අනිවාරෙන්ම දැනුවත් වෙන්න ඕන නිසා.

"මේකට මොකක්ද කරන්නෙ සදරු.."

"බය නැතුව හිටපන් වරා.. නංගිට මාත් කියන්නම්, ගෙදරට ආරංචි වෙන මොකක් හරි උනොත් මම අපේ අම්මලව කොහොම හරි ශේප් කරන්නම්"

"හරි බන්.. ඒක ගැන මට තියෙන බයට වඩා මට තියෙන්නෙ මමත් නැති වෙලාවක තරුල් සාරාට මොකක් හරි කරදරයක්වත් කරයිද කියල.."

"මටත් ඕක හිතුන වරා.. නංගි අරූට ගහපු එකට ඌ ඇත්තේ සෑහෙන තරහෙන්.."

ඇත්තටම මට තිබුන ලොකුම බය උනේ මම නැති තැනකදි තරුල් සාරාට කරදරයක් කරයිද කියන එක. වෙන මොන දේ උනත් සාරා පරිස්සම් වෙන එක number one උනේ.

"ෆයිනල් එක්සෑම් එකත් ඉවර නිසා සාරා දැන් වැඩිය එලියට යැවෙන්නෙ නෑනෙ සදරු.. මම හැම වෙලාවකම එයා එක්කම ඉන්නව බන්.."

"ඔව් වරා.. උඹත් පරිස්සමට හිටපන්, gallary එකේ තනියෙන් ඉද්දි ඌ ඇවිත් උඹටත් මොකක් හරි කේස් එකක් අදින්න පුලුවන් නේ.."

සදරු එක්ක කතා කරාම දවල් ඉදල හිතේ ටිකක් හරි ඉතුරු උන බය අඩු උනත් මම සාරා එක්ක හැම වෙලාවකම ඉන්නව කියල හිතාගත්තා. අපි දෙන්නට මෙච්චර කල් ලොකුවට ප්‍රශ්න නොතිබුනත් දැන් මේ තියෙන ප්‍රශ්නෙට කොහොමත් මම කෙලින් ෆේස් කරනව කියන දේත් මම මගේ හිතට පොරොන්දු උනා.

..............................................................................................

මගේ gallary එකට වෙලා දවසම කාලෙ ගෙවන එක දැන් මට පුරුද්දකට ගිහින්, උදෙන්ම ඇවිත් මෙතනට වෙලා චිත්‍ර ඇද ඇද ඉන්න එක මට මාරම සැහැල්ලු ෆීලින්ග් එකක් උනා.

COLD HEARTSWhere stories live. Discover now