සාරා දුන්නු කොෆී එක ගන්න ගමන්ම තරුල් අමුතු හිනාවක් දාලා සාරාගෙන් අහද්දි සාරා කරේ එකපාරම මගේ මූන දිහා බලපු එක."ඇයි අයියේ එහෙම ඇහුවෙ?"
සාරාත් තරුල්ගෙන් ඇහුවා. මම සද්ද නොකර හිටියේ මම දැනටමත් තරුල් සාරාට කැමති කියන දේ දන්න නිසා.
"මේකයි මගේ ෆ්රෙන්ඩ් කෙනෙක් ඔයාට කැමතියි කිව්වනෙ"
තරුල් මුලින් මට කියපු විදිහටම සාරාටත් කිව්වා.
"ආ... ඉතින්.."
"ඉතින් ඔයා කැමති වෙයිද බලන්න නේ බෝයි කෙනෙක් ඉන්නවද ඇහුවේ.."
"හරි මට බෝයි කෙනෙක් ඉන්නවද ඇහුවේ කැමති වෙයිද බලන්නද? "
සාරා හිටගෙනම අත් දෙකත් බැදගන්න ගමන් තරුල්ගෙන් ඇහුවා, මමත් සද්ද නොකර බලන් හිටියේ මොකක්ද වෙන්නෙ කියල.
"ඔව් කෙනෙක් නැත්තම් ප්රශ්නයක් නෑනේ.. කැමති වෙන්න පුලුවන් නේ, නැද්ද වරා..."
"කැමති වෙන්න අකමැති වෙන්න මම කෙනා කවුද කියලවත් දැනන් ඉන්න එපැයි අයියෙ"
තරුල් ඒක මටත් එක්කම කියනව වගේ කිව්වට සාරාම ඒකටත් උත්තර දුන්න නිසා පුරුදු විදිහට මම සද්ද නැතුව හිටියා.
"අහ්.. කෙනා නම් ඔයා දන්න කෙනෙක්.."
"මම දන්න ඔයාගෙ යාලුවො නෑනෙ, මම ඔයාව දන්නෙත් මෙහෙ ආව නිසානෙ"
සාරාත් උත්තර දෙන්නෙ ගහගන්න වගේ.. මූනෙන් ඩවුට් එකක් තියේ කියල පේනවා, ඒක හොදයි.
"නිකී නංගි..."
"යෙස්, කියන්න අයියේ"
"ඔන්න වරාත් ඉන්න ඉස්සරහමයි කියන්නේ, ඔයාට කැමති කෙනා වෙන කවුරුත් නෙමෙයි, ඒ මම.. මොකද කියන්නේ ඔයා..."
ඒකට නම් සාරාගෙ ඇස් ලොකු උනේ පුදුමෙන්, මට නම් ලොකුවට ගානක් තිබ්බෙ නෑ මොකද මම කලින් දැනගෙන හිටිය නිසා. හැබැයි තරුල් උනත් එකපාරටම ඒක අහපු එක නිසා මාත් හිටියේ හිතාගන්න බැරුව.
"මට බෑ අයියෙ.."
"ඇයි ඒ... ඔයාට බෝයි කෙනෙක් නෑනෙ.."