|ඉන්වරා ෆ්ලෝරන්ස් වීරනායක |
චිත්‍ර අදින එක ජීවිතේම කරගෙන සරලව ජීවත් වෙන සාමාන්‍ය ටිකක් දගකාර චරිතයක්. පුංචි කාලෙ ඉදලම අම්මට වඩා තාත්තව අනුගමනය කරන ඒත් අම්මටයි තාත්තටයි ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි ඉන්වරා. ඉන්වරාගෙ තාත්තා ලංකාවෙ කෙනෙක් උනත් අම්මා එන්ග්ලන්ඩ් නිසා ඉන්වරා අම්මට නම් කතා කරේ මමී කියල.
තමන්ගෙ වටේ අය එතකොට අදුරන්නෙ නැති අය ඉස්සරහ ඉන්වරා කියන්නෙ සාමාන්‍ය නිවුන කෙනෙක් උනත් එයාගෙ හොදම යාලුවො ලග නම් නිවිලා ඉන්නවා කියන එක නොදන්න කෙනෙක් තමයි ඉන්වරා කියන්නෙ, ගෙදර අය ඒ සයිඩ් එක දැක්කනම් මේ අපේ ලමයද කියල හිතන ජාතියේ තමයි මෙයා. හැබැයි ඉතින් ඉන්වරාගෙ තාත්තනම් තමන්ගෙ ඒ සයිඩ් එක දන්නව කියල ඉන්වරා දන්නව. ආදරේ කියන දේ පවුලෙන් යාලුවන්ගෙන් විතරක් විදල තියෙනව උනත් ඉන්වරා කියන්නේ රිලේශන්ශිප් එකක ආදරේ විදල නැති ඒ වගේම ඒ ගැන කිසිම උනන්දුවක් දක්වන කෙනෙකුත් නෙමෙයි. ලස්සන හමේ පාටක් එක්ක අමුතුම ලස්සනක් තියෙන මෙයාට කොච්චර ආදරේ ඉල්ලන අය හම්බුනත් ඒ අය ගැන කිසිම හැගීමක් දක්වන්නෙ නැතුව ඉන්න තරම් ඉන්වරා සීතල හදවතක් තියෙන කෙනෙක් උනා. යාලුවෝ සහ ගොඩක් අය 'වරා' කියල තමයි එයාට කතා කරන්නෙ. හැබැයි මේ ලෝකෙ එකම එක කෙනෙක් එයාට වරා කිව්වෙ නෑ.'Inwara Florance Weeranayaka'
..............................................................................................
|නිකිණි සාරන්‍යා බස්නායක |
කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බැරි අමුතු චරිතයක් තමයි නිකිණි. එයාට හැමෝම 'නිකී' කියල තමයි කතා කරන්නෙ.ඕනම කෙනෙක්ගේ දුකකදි කරදරේකදි උදව් කරල හොදින් ඉන්න කෙනෙක් උනත්, ඉක්මනට තරහා යන, ආඩම්බරෙන් ඉන්න, කියන දේකට එකට එක කියන වර්ගේ කෙනෙක් තමයි නිකී කියන්නේ. ඒකත් එයාගෙ ඒ ආඩම්බර ගති ලක්ෂණ වැඩිපුර පෙන්නන්නෙ එක්කෙනෙක්ට තමයි. දෙයක් එයාගෙ කියල හිතුනොත් මොන ක්‍රමේකින් හරි ඒක තමන්ගේ කරගන්න උත්සහ කරන ඒ වගේම කොච්චර පිටතට හංගන් හිටියත් තමන්ගේ හිත ඇතුලෙන් එයා ආදරෙ කරන අයට උපරිමෙන් ආදරේ කරන කෙනෙක් තමයි නිකී හෙවත් සාරන්‍යා.
'Nikini Saranya Basnayaka'
..............................................................................................
පොඩි වෙලාවකට හොදින් හිටියත් හැම වෙලාවකම කියවගන්න රණ්ඩු කරගන්න දෙන්නෙක් ආදරේ කරන්න පටන් ගන්නෙ කොහොමද ?
නපුරු කෙනෙක් එක්ක දගකාර කෙනෙක් කොයි විදිහට ආදරේ කරයිද,
ඉන්වරාගෙ ආදරේ ඉස්සරහ නපුරු නිකී ආදරණීය වෙයිද, එහෙමත් නැත්තම් ඉන්වරාට තියෙන ආදරේ නිසා නිකී ආදරණීය වෙයිද,
ආදරේ ගැන කිසිම උනන්දුවක් නැති ඉන්වරා ආදරේ කරයිද,
සීතල හදවත් දෙකක් කොහොමද ආදරේ කරන්නේ,
COLD HEARTS 🖤
Will love melt cold hearts?