ආන්ටි එහෙම කියද්දි ඇත්තටම වෙච්ච දේ දන්න, ඒ වගේම සාරාට ඒ දේ වෙන්න හේතුව වෙච්ච මට දැනුනෙ මාව හිත ඇතුලෙන්ම ගිනිගන්නව වගේ.
"මම සාරාව බලල එන්නම් ආන්ටි"
එහෙම කියල මම දුවගෙනම සාරාගෙ රූම් එකට ආවේ සාරාට මොකද කියල බලන්න.
ආන්ටිට පේන්න හිමීට ඇතුලට ආවට මම සාරාගේ ගෙදර ඇතුලට ආව ගමන්ම පඩිපෙල් ටික උඩට නැග්ගේ පඩි දෙකෙන් දෙකට කකුල් තියලා දුවගෙන වගේ. මගේ වැඩ නිසා මොන දේ උනත් සාරාට එච්චර ඩැමේජ් වෙනවට මම කැමති උනේ නෑ."සාරා... ඔයා නිදිද.."
එකපාරටම රූම් එකට නොයා පොඩ්ඩක් දොරට තට්ටු කරේ කඩාගෙන යන එක හොද නැති නිසා. නැතත් මේ වෙලාවෙ මගෙ හිතට මහා අමුතු guilty feeling එකක් ඇවිත් තිබුනේ සාරාට මෙහෙම වෙන්න හේතුව මම කියන එක හොදටම දන්න නිසා. දෙපාරක් කතා කරත් සාරාගෙන් කිසිම සද්දයක් නැති නිසා ආපහු එන්නත් හැරෙද්දිම හිත කිව්වෙ ඇතුලට ගිහින් බලන්න කියල. ඒ නිසා හෙමින් දොර ඇරන් සද්ද නොකර මම ඇතුලට ගියා. සාරාට නින්ද ගිහින්, කොන්ඩෙන් බාගයක්ම මූනට වැටිලා, පැත්‍තකට හැරිලා නිදාගෙන ඉන්න විදිහ දැක්කම මට ඇත්තටම දැනුනෙ කියාගන්න බැරි දුකක් එක්ක මං ගැනම තරහක්. මම එහෙම නොකර ඉන්නයි තිබුනේ.
මම ගිහින් සාරාගෙ බෙඩ් එකේ සයිඩ් එකෙන් ඉදගෙන හිමීට සාරාගෙ මූනට වැටිල තිබුණ කොන්ඩෙ අයින් කරලා බෙල්ලට අත තියල බැලුවෙ තාමත් උණ ද කියල. ඒත් මේ වෙනකොට නම් රස්නෙ අඩුවෙලා, බෙහෙත් බීල නිදාගත්ත නිසා අඩු වෙන්න ඇති. මේ උන දේට මට සාරාට සොරි කියන්න ඕන උනා. ඒ නිසා මම සාරාගෙ රූම් එකේම තිබුණ පුංචි කොලයක් අරන් ඒකේ sorry note එකක් ලියල ඒ කොලේ සාරාගෙ අතේ ඇලෙව්වා.