මම හිතන්නේ මම සයිස් එක හැදුවා හරියටම හරි. ඒ අස්සෙන් ජෙසී කිව්ව කතාවත් මතක් වෙලා හිනා යන්න එනවා."මට එපා මේවා.."
එකපාරටම සාරා එහෙම කිව්වම දැනුනෙ නිකම් මගෙ හාර්ට් එක නැවතුනා වගේ. මේ දැන් කැමතියි කියල ආයම එපා කියන්නෙ.
"Why.. එපා කියන්නේ, ලස්සන නැද්ද සාරා.."
"නෑ, තමුසෙ දෙන දේවල් මට ඕන නෑ.., ගිය විදිහට ඉන්න එපැයි එහෙට වෙලා ඇයි ආවෙ..?"
සාරා මෙහෙම කතා කරද්දි ඇත්තටම හිත රිදුනෙ පුදුම විදිහට.
"ඇයි එහෙම කතා කරන්නෙ.."
"කතා කරන්න වටින්නෑ තමුසෙට, ගියේ කියන්නෙවත් නැතුව, හවස මම අපේ අම්ම කිව්වම දන්නෙ, අඩුම ගිහින් කතාවත් කරාද, මමීට මට කතා කරන්න ඕන කිව්වම නේද කෝල් කරන්න මතක් උනේ.. ආ..."
"සොරි සාරා.. ඔයා ඒ ටිකේම මාත් එක්ක හිටියේ තරහින් නිසා කිව්වෙ නැත්තේ.. එදා වෙඩින්ග් එක දවසේ රෑත් මම නෑ කියල පාලුවක් නෑ කිව්වේ, ඒ නිසා මම හිතුවා අවුලක් නෑ කියල ඔයාට"
"ඔව් ඔව් අවුලක් නෑ තමයි, මම දැක්ක ඔයාටත් කිසි අවුලක් නෑ කියල, අර මමීලගෙ ගෙදර හීටියෙ පාලුව යවන්න කෙනෙක්"
"ඒ ජෙසීනෙ බබා, she is my sister.."
"හරි හරි ඔයා එයාල එක්ක එහෙම ඉන්න එක මට ප්රශ්නයක් නෑ, මට මොකද කවුරු එක්ක හිටියම, මේව ඕන නෑ මට, මට ඕන දේ නැතුව වෙන මොනව තිබ්බත් මට වැඩක්ම නෑ"
"මොනවද දැන් ඕන ඔයාට?"
"මොකුත් නෑ... මම යනවා"
එහෙම කියල සාරා ශූස් දෙකත් ගලවල තියල යන්න නැගිට්ටම මට දුකත් එක්කම ආවෙ තරහක්.
"තමුසෙට එපාද මේක"
"කිව්වනෙ, මට එපා"
"ගිනි තියල දානවා"
"ඉතින් ඕන එකක් කරගන්නව, මට ඕන්නෑ"
සාරා එහෙම කියනවත් එක්කම ආව තරහට මම ලග තිබුණ පුටුවකටත් පයින් ගහලම ගිහින් සාරාව අල්ලන් වෝල් එකට තියල තද කරගත්තේ කේන්තිය උපරිම වැඩි වෙද්දි.