26th Episode 🖤

455 37 69
                                    

තරුල් වැටුන එක දිහා තවත් බලන් ඉන්නෙ නැතුව ශිරාන්ගෙන් සාරාව කොහොමහරි බේරගන්න යන්න හැදුවත් බිම වැටුන පිහියත් අරගෙන නැගිටලා ආව තරුල් අතින් ඇදල මාව එයාගෙ ඉස්සරහට අරන් මගේ බඩට අර පිහියෙන් ඇනල ඒ පිහිය තවත් ඇතුලට තද කරලම 'උඹ මැරියන්' කියලම මාව sofa එකට තල්ලු කරේ සාරා එලියේ වැස්සෙ සද්දෙටත් වඩා හයියෙන්ම 'ෆ්ලෝරා...' කියල කෑ ගහද්දි.

තරුල් ඇනපු පිහිය මගේ ඇගේ තාමත් තියෙන එක දිහා තරුල් බලන් හිටියේ වෛරෙන් පිරුණ ඇස් වලින්.

"සා..රා.."

මගෙ කටින් වචනයක් කියන්න ට්‍රයි කරත් මට කතා කරගන්නත් අමාරු උනේ මේ වෙනකොට මට දැනෙන pain එක උපරිම වැඩි වෙලා තිබුන නිසා.

"අනේ ෆ්ලෝ..රා... මොකක්ද ඕයි තමුසෙ මගෙ ෆ්ලෝරට ඒ කරේ.. ඇයි.. එයාටම.. තමුසෙට මට පිහියෙන් අනින්න තිබුනා.. හොදක් වෙන්නෙ නෑ තමුසෙලාට..."

මගේ දිහා බලාගෙන ශිරාන්ගෙ අත් වලට හිරවෙලා ඉන්න සාරා තරහින් කෑ ගහල අඩද්දි මම දැක්කේ සාරාගෙ රතුවෙලා තියෙන ඇස්වල මීට කලින් දැකල නැති පුදුමාකාර තරහක් එක්ක මික්ස් උන දුකක්.

"උඹල දෙන්නටම කොහොමත් අද මැරෙන්න වෙනව.. හැබැයි උඹට මැරෙන්න වෙන්නෙ මේකිගෙ විදිහට නෙමෙයි... ඊට වඩා සෑහෙන්න වේදනා විදල..."

"aaaaaaaaahhh"

සාරාට එහෙම කියපු තරුල් තාමත් මගේ බඩේ ඇනිල තිබුණ පිහිය ඇදල ගත්තේ මට හයියෙන්ම කෑගැස්සෙද්දි. මම තුවාලෙට මගෙ ශර්ට් එක පොඩි කරල ලාවට තද කරගත්තේ bleed වෙන එක ටිකක් හරි control වෙන්න.

"අ...නේ..හ් ෆ්..ලෝරා...."

සාරා ලගට පිහිට අරන් ගියපු තරුල් ඒ පිහියෙ ගෑවිල තිබුන ලේ පිහියෙන්ම සාරාගෙ මූණෙ ගෑවෙ සාරා ශිරාන්ගෙන් ගැලවෙන්න ට්‍රයි කරද්දි. ඒත් ඒකෙන් උනේ සාරා තවත් වීක් උන එක විතරයි.

"එයා..ට මො..කුත් කරන්...න එපා...."

අමාරුවෙන් වචන අමුණන් මම කිව්වත් තරුල් ඒකට හිනා උනේ පිස්සෙක් වගේ. ඊටපස්සෙ ටිකක් එහාට වෙන්න තිබුණ පුටුවක් බිම දිගේම ඇදගෙන ආපු තරුල් මම ඉන්න සෝෆා එකට හරි කෙලින් අඩි 4ක් විතර ඉස්සරහින් පුටුව තියලා ඒ පුටුවෙ අනිත් පැත්තට ඉදගෙන පුටුවෙ හේත්තු වෙන්න තියෙන කොටසෙ අත් දෙක තියල ඊට උඩින් එයාගෙ මූණ තියාගෙන මට හිනාවුනේ ටික ටික මටත් දැන් නම් හොදටම පණ නැතිවීගෙන එනව කියල තේරෙද්දි.

COLD HEARTSWhere stories live. Discover now