තරුල් සාරා එක්ක යන්න ගියාට පස්සේ මම අසලි එක්ක වචනයක්වත් කතා කරේ නෑ. එයත් ඉක්මන්ට චේන්ජ් කරගෙන යන්න ගියාම මම කරේ gallary එකත් lock කරල පුලුවන් තරම් ඉක්මනට ගෙදරට යන්න පිටත් උන එක.
මම කොච්චර speed ගියාද කියනවනම් මට විනාඩි 10කටත් කලින් gallary එකෙන් පිටත් උන සාරා යන තරුල්ගේ කාර් එකත් ඉස්සර කරගෙන යන්න මට පුලුවන් උනා. මම මේ නිසා මොනතරම් අවුල් වෙලාද කියල දැනුනෙත් මටත් නොදැනිම එයාල යන කාර් එක පහු කරද්දි මම ආවටත් වඩා speed ගිය නිසා
[මෙහෙමලු ගියේ ඇ..]
එයාලට කලින් ගෙදරට ගිහින් සදරුටත් කතා කරලා වෙච්ච සිද්දිය කියල සදරුව අපේ ගෙදරට එක්කන් ආවේ බැරිවෙලාවත් මේ ප්රශ්නේ එහේ කතා කරද්දි සදරුලාගෙ තාත්තවත් ආවොත් කියල. හැබැයි මේ වෙලාවෙනම් ගෙවල් දෙකේම කාගෙවත් පේරන්ට්ස්ලා හිටියෙ නෑ.
"මොකක්ද බන් මම කරන්නේ..."
"හරි මොකද කරන්න පුලුවන් කියල බලන්න නංගි එනකම් ඉමුකො.. හැබැයි වරා මම කිව්ව කලින් අසලි ගැන උඹ මට කියද්දි කොයි එකටත් පරිස්සමට කියල.. "
ඔව් අසලි මගේ ගැන interst කියල දැනුන එක මම සදරුට කිව්වම සදරු කිව්වෙ පරිස්සමට ආශ්රය කරන්න කියල. ඒත් මට හිතාගන්න බැරි උනේ අසලි හරි අමුතු විදිහට හැසිරුන එක. ඒත් ඊටත් වඩා මම stress උනේ මෙච්චර කල් එකට හිටිය සාරා මේ තරම් ඉක්මනට මාව අවිශ්වාස කරේ කොහොමද කියල.
මම ඇවිල්ලත් විනාඩි 15ක් වගේ යනකොට සාරා තරුල් එක්කම ආවා. තරුල් එයාගෙ කාර් එක දැම්මෙ සාරලාගේ මිදුලට. මමයි සදරුයි අපේ මිදුලෙ ඉන්නව දැකලත් සාරා කිසිම ගානක් නැතුව ගෙදර ඇතුලට යන්න ගියා.