සත්වන අභිලාෂය

19 2 18
                                    

රතු ,සුදු සහ තද නිල් පැහැ  කොටු වැටුණු අත් දිගු කමිසයකින්ද,  තද නිල් ඩෙනිම් කලිසමකින්ද සැරසී සැහැල්ලු කබායකින් උඩුකය ද, පුළුල් තොප්පියකින් හිස ද,  අව් කණ්ණාඩි යුගලකින් සිය සැබෑ ස්වරූපය ද ආවරණය කර ගත් 
වස්කෝ, වීදියේ පහන් කණුවකට වාරු දී, සුරුට්ටුවක් උරමින්, සිය කාක දෙනෙත
එහා මෙහා කරකවමින් සිටියේය. යමක් සිදු වේ නම් විය යුතු වීදි කිහිපයකින් එකකි මේ. අතයට ගණුදෙනු , දාමරික කම් සහ මං පැහැරීම්,  නොයෙකුත් අපචාර අතර සාමාන්‍ය නාගරික වීදී ජීවිතය ගලා යන්නේ කිසිදු අමුත්තක් සිදු නොවන විලාසයෙනි.  හරියට ගලා යන ගඟක,  ගල්කුළු බාධක පර  තිබීම තරම්ම සාමාන්‍ය තත්ත්වයකි.

වීදියේ අනික් පස , වීදි වෙළෙන්දකු යම් වෙළඳ ගණුදෙනුවක කාර්ය බහුල වී ඇත. පාරිභෝගිකයා කේවල් කරමින් සිටියි. 
වෙළෙන්දා කෙමෙන් උත්සන්න වන විවාදයකය.  එහෙත් කාක දෑස, තමන්ට ඇවැසි ගොදුර හඳුනාගත් සේය.

ඔහු  යන්තමින්  ගෙල හරවා දෑස් කොණින් බලා සිටින්නේ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු මහත්වරුන් දෙදෙනෙකු නිහඬවම සිදු කළ ගණුදෙනුව දෙසය.  වීදියේ ඇවිදිමින් සිටියදී අහම්බෙන් මෙන් මුණ ගැසුණු මහත්මයකු,  අනෙකා ගෙන් ඉල්ලා ගත්තේ සිගරැට්ටුව කි.  එය දල්වා ගන්නට පොරොත්තු වන ඇසිල්ලේ , කබා සාක්කුවෙන්  ගත් යමක් ඔහු අනිකා ගේ අතේ  තැබුවේය.  එය වහා සිය කලිසම් සාක්කුවේ රඳවා ගත් අමුත්තා නිහඬව ම,  සිය ගමන යන්නට විය.තමා උරමින් සිටි සුරුට්ටු ව වීසි කළ වස්කෝ වහා ඔහු පසුපස යන්නට විය.
අමුත්තා ගේ සුරත කලිසම් සාක්කුවේම රැඳී තිබුණ අතර වස්කෝ සිය වේගය වැඩි කර ඔහු ගේ සිරුරේ ගෑවෙන තරමට ළඟා විය.
අමුත්තා,  කලිසම් සාක්කුවෙන් අත ඉවතට ගන්නා ඇසිල්ලේම වස්කෝ තල්ලු වී ගොස් ඔහුගේ සිරුරේ හැපී ගියේ,  පසුපස බලමින්, පසු පසින් පැමිණි අද්භූත තල්ලුවට  අසභ්‍ය වචන පෙළකින් ද සංග්‍රහ කරමිනි.  අමුත්තා වෙත නොසැළකිලිමත් සමාව ඉල්ලීමක් දමා ගසන ලද අතර නැවත අසභ්‍ය වදන් වැළක් ද සමගින් ඇඳුමේ නොතැවරුණු කුණු දූවිලි ගසා දමමින් වස්කෝ වීදියේ සරන කාර්ය බහුල මගියන් අතර අදිසි විය.

හදිසියේ වීදියේ වම් පසට හැරුණු වස්කෝ
කුඩා දෙබුක්කුවකින් වෙනත් වීදියකට පිවිස, යලිත් දකුණට හැරී, පටු පඩිපෙළක ඉහළට ගොස්, මුදුනේ තිබූ දොරක ට තට්ටු කර විවර කරවා ගත්තේ ය.

දෛව අභිලාෂ  - Destino Escrito ( Scripted Fate)Where stories live. Discover now