දෛවය යමක් ලියා තබන්නේ කෙනෙකු මෙලොව එළිය දකින්නට පවා පෙරදීය.
ඉතින් ඒ සිදුවීම් දාමය එලෙසින්ම සිදුවිය යුතුව තිබුණේ මන්දැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ ඇත.
දෛවය හා තරඟ කරන්නට අප කවුරුන්ද?
අපට ඇත්තේ බලා සිටීම පමණි.ඒ පොළොව වේගයෙන් කරකැවුණු දවස්ය.
එමීලියෝ තව දුරටත් හැපී ලාමාවෙක් වූයේ නැත. ඔහුට හදිසියේ ‘ පුරා විද්‍යා ඩිප්ලෝමාවක් ‘ ලැබී තිබුණු අතර ඔහුගේ ඉගැන්වීම් කටයුතු වල යෙදුණු ගුරුතුමා වන මහාචාර්ය රෆායල් කුස්කෝවට ඇවිත් තිබුණේ පර්යේෂණ පත්‍රිකාවක් පිළියෙල කිරීම උදෙසාය. පූජනීය නිම්නය ආශ්‍රිතව සිදු කෙරෙන ඒ ගවේෂණ කටයුතු සඳහා ගුරුතුමා සහය ලබා ගන්නට සිතා තිබුණේ හැපී ලාමා ආයතනයෙනි.
එතැනදී සිය ගෝලයකු මුණ ගැසීම කෙතරම් අහම්බයක් ද ?
සිය ගුරුතුමාට උපකාර කිරීමට ගෝලයා පසුබට නොවුනු අතර, ආයතනයෙන් විමසා බැලීමේදී, ඒ දීර්ඝ පැය ගණන් වලට අඛණ්ඩව සේවය ලබාදීමට හැපී ලාමාවන්
සතුටු වූයේ නැත. ලැබෙන ප්‍රතිපාදන සීමිත බැවින් ගුරුතුමා බොහෝ කේවල් කරේ ගාස්තුව අවම කර ගැනීමට ය. සිය ගුරුතුමාට අවමන් සිදුවෙතැයි බිය වූ එමීලියෝ ඒ සඳහා අඩු මුදලකට ඉදිරිපත් වුවද, ඔහුව එතරම් කලකට අඩු මුදලකට යෙදවීම ආයතනය ප්‍රතික්ෂේප කරනු ලැබීය. රැකියාව බ.ල්.ලා.ට දැමූ එමීලියෝ ගුරුතුමාට උදව් කිරීමට තීරණය කළේය.
එහෙත් එමීලියෝ හට රැකියාව අහිමි වීමේ අවදානම දුටු මහාචාර්ය වරයා, එමීලියෝ ගේ බලවත් විරෝධය මධ්‍යයේ ඔහුට සුළු වැටුපක් ගෙවන්නට එකඟ වී පුද්ගලික සහායක තනතුරකට පත් කර ගත්තේද සහෝදර හැපී ලාමාවන් විස්මයෙන් බලා සිටිද්දීය.එවන් ගුරු ගෝල සබඳතාවයක් ..!
අනේ වාසනාවන්!
අනෙක් අතට එමීලියෝ එසේය. ඉක්මණින් හිත උණු වෙන සුළුය. තමන්ට පාඩු කරගෙන වුවද අනුනට උදව්වට යන්නේය.මේ සුළු කාරණාවකට මේතරම් නාටකයක් රඟ දක්වන්නට ඕනෑද එමීලියෝ?
එසේය. රඟපෑම තාත්වික වූ තරමට එය ස්වභාවික ලෙස දිස්වේ. උන් දෙන්නටම පිස්සු යැයි කතාවක් පැතිර යාම සෑම අතින්ම යහපත් ය.
අනවශ්‍ය අවධානය අවම කර ගත හැක්කේ එවිටය.
![](https://img.wattpad.com/cover/372943409-288-k813564.jpg)