එකොළොස්වන අභිලාෂය

20 4 12
                                    

දින කිහිපයක ඇවෑමෙන් උද්යෝගීමත් අවීලා ත්,  මුහුණ එල්ලා ගත් මුණුපුරාත් 

බොලීවියාවේ සැන් ඇන්ඩ්‍රෙස් විශ්ව විද්‍යාලයේ , මහාචාර්ය රොඩ්රිගස් ගේ 

මේසය ඉදිරිපස වූ පුටු දෙකක අසුන් ගෙන සිටියහ. වැලේරියා ඔවුනට එක් වූයේ තරමක් ප්‍රමාද වීය.

කලින් දන්වා තිබුණු  නිසා අනුමාන කළද මේ ඇඩෙලිටා මමානි ගේ අත්තම්මා යැයි සිතන්නට මහාචාර්ය තුමාට සිත නම්මා ගත නොහැකි විය.  ඇගේ තාරුණ්‍යය වර්ණවත් වන්නට ඇත. ඒ පැහැයන් තවම දෙනෙතේ තැවරී තියෙයි. ඔහු බලාපොරොත්තු වූ ලෙසටම කෘශ වියපත් සිරුරක් දැරුවද ඇය තුළ නොසිඳුණු ගුප්ත තරුණ ජවයක් වෙයි.  නිරෝගී  ශක්ති සම්පන්න බව වෑහෙයි. 

ඇඩෙලිටා ගේ වටාපිටාවත්,  මානසික තත්වයත් හැකි පමණ සරලව මහාචාර්ය වරයා ඔවුනට කියා පෑවේය. 

ඉතා ධනාත්මකව එය භාර ගත් ආවිලා දෙස විස්මයෙන් මුව අයාගත් පේද්රෝ බලා සිටියේය  .  

"මොනවා? ම/ත්/ ද්‍රව්‍ය?

මේ අත්තම්මාට වගක්වත් නැති හැටි. "

මහාචාර්ය වරයා ඉදිරිපිට සිය පාරම්පරික වෙදකමේ අනුහස් විදහා දැක්වූ අවීලා ඕනෑම අසනීපයකට පත්තියම් වන ඔසු ඇය සතුව ඇතැයි පාරම් බෑවා ය.

ඇඩෙලිටා ට අවශ්‍ය වන්නේ කඳුකර නැවුම් වාතයත්,  සුපුරුදු නිවහනත් අවීලා ගේ අතින් සැකසෙන රසවත් අන්නපානාදියත් පමණක් වගත් කියැවිණි.මදි පාඩුවට ඇගේ ප්‍රත්‍යක්ෂ ඔසු ද සුව කිරීමේ යාග හෝම ද ඇති බැව් ද ඇඟවිණි. 

බැලූ බැල්මෙන්ම මේ වයසක උන්දෑ මහාචාර්ය රොඩ්රිගස් ගේ සිතට ප්‍රිය ජනක වූවද ඇඩෙලිටා යනු එලෙස සුළුවෙන් තැකිය හැකි රෝගියකු නොවේ. 

උපායශීලිව අවීලා මෙම කුටියෙන් ඉවතට යැවූ ඔහු වැලේරියා සහ පේද්රෝ දෙස බැරෑරුම් බැල්මක් හෙලුවේය. 

' මම වෛද්‍යවරයෙක් නම් නෙමෙයි.  ඒත් මට තේරෙන විදියට ඇඩෙලිටා ට තියෙන්නේ එහෙම නිකන්ම හොඳ වෙන අසනීප යක් නෙවෙයි.  එයාව පරිස්සමට බලාගන්න වෙයි. එයාගේ මනස දැන් දුර්වලයි ‘

දෛව අභිලාෂ  - Destino Escrito ( Scripted Fate)Tempat cerita menjadi hidup. Temukan sekarang