තිස්නව වන අභිලාෂය

4 2 0
                                    


පිය උරුමයෙන්  ලද දැනුමින් යාකු සන්නද්ධ  බව වස්කෝ දනියි. එහෙත් තමාගේ ගැටළුවේ දී යාකු සතු අද්භූත හැකියාවන් ද උරගා බැලිය යුතුවේ.
ඔහු, සිය අවසන් බලාපොරොත්තුව වග වස්කෝ ඇදහුවේය.

 මේ අසම්පූර්ණ කතන්දරය ඉරා විසි කර දමා තිබියදී යලි සොයාගත් කඩදාසි කැබලි වැනිය. ගිලිහී ගිය කොටස් නිසා ඇතිවන රික්තය, දන්නා කොටස් වලින් ගැලපීම උගහටය.

එහෙයින්ම යාකු සමග පූජා යාගයකට එක් වන්නට හෙතෙම හිත හදාගත්තේය.

'කුන්තූර් දේවාලෙක තමයිලු අන්තිමට සූර්ය එලකය හංගලා තිබිලා තියෙන්නේ.
මට විටින් විට හීන පේනවා.
ඒත් සම්පූර්ණ සිද්ධිය එක වර පෙනෙන්නේ නෑ.  මං හිතන්නේ,  මේ අඩයාලම මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේවාලේ හොයාගන්න එක වෙන්න ඕන.. ඒත් ඒ ඇයි..?
ඒක හොයාගත්තට පස්සේ  මං මොකක්ද කරන්න ඕන ?..'
වස්කෝ දීර්ඝ විඩාබර සුසුමක් හෙලුවේය.

' ඒවා මට හරියටම දැන ගන්න ඕනේ, කුරැන්දේරෝ...'

'හ්ම්' ශබ්දයක්වත් නැඟුණේ නැත.

යාකු  ඈත අන්දීසය වෙත නෙත යොමාගත්වනම සිටියි. ඔහු ද කන්දක් බවට පත්ව ඇත්දැයි සිතෙන  තරම්ය.

වස්කෝ සිටින්නේ ඉවසීම සිඳී යන සීමාවකය.
' අඩුගානේ මේ කතන්දරේට මං සම්බන්ධ වෙන්නේ කොහොමද කියලවත් හරියට කියනවද ?  මේ එපාකරපු අඩයාලම හින්දා තමයි සේරම..'
කෝපගත් වස්කෝ , දත්මිටි කමින් අඩයාලම ගලවා වීසි කරන්නට හැදුවත්,  ඔහුගේ සියළු ශක්තිය අභිබවා එය නොසෙල්වී ළය මත රැඳී තිබෙනු දක්නට හැකිවිය.

වස්කෝ  යාකු දෙස බැලුවේ බලාපොරොත්තු කඩ වූ, කෝපය දැල්වුණු  දෑසකිනි.
මේ ඔහු අඩයාලම ගලවා වීසි කරන්නට තැත් දැරූ පළමු වතාව නොවේ.

යාකු සිටි ඉරියව්වෙන් මඳකුදු වෙනස්ව නැත. දෑස පමණක් වස්කෝ වෙත යොමුව ඇත. එහි ගැබ් වන්නේ එසේ වන බව  පෙර සිටම දැන උන් බව හැඟවෙනා බැල්මකි.

' අඩයාලම ට නියම වෙච්ච කාරියක් තියෙනවා. ඒක අක්‍රිය වෙන්නේ ඒ කාරිය ඉෂ්ට සිද්ධ කරාට පස්සේ. ඒ නැත්තන් ඒකෙන් ලේ ගලන එක නැති වෙච්ච දාට..
මේවා ඉවසීමක් නැතිව  කරන්න පුළුවන් වැඩ නෙමෙයි...'

දෛව අභිලාෂ  - Destino Escrito ( Scripted Fate)Where stories live. Discover now