හතළිස්පස් වන අභිලාෂය

1 0 0
                                    

ඇගේ අතින් අල්ලා ගත් එමිල් වහ වහා දොරටුවේ එතී තිබූ ගස්  වැල් කපා දමා මාර්ගය පාදා ගත්තේය.

ඔහු නැවතී සිටියේ අඩ අඳුරට ඇස් හුරු වන තුරු පමණි. විය හැකි සියල්ල නොසළකා හැරි ඔහු ලහි ලහියේ පටු මඟ ඔස්සේ ඉදිරියට ඇදුණේය. තවත් ටික දුරකදී සූර්යයාලෝකයෙන් ලද සහය වියැකිණි.
විදුලි පන්දමේ එළිය , පවතින අඳුර සමඟින් සැසඳූ කල ඉතා දුබලය.

එහෙත් සහජ ඉවකින් මෙන් දෙදෙනා ඒ මඟ ඔස්සේ ඇදුණහ.
එක්වරම පටු  මඟ දෙකට බෙදෙන්නට ද විය. යම් බලවේගයකින් මෙන් මෙහෙයවුණු  ඔහු ඉන් එකකට පිළි පන්නේය.
ඔවුන් විනාඩි කිහිපයකට පමණක් නතර වී දිය බිඳක් පානය කළහ. දැනටමත් හොසේ හෝ කැස්ටියෝ ඔවුන් පසුපස හඹා එනවා විය හැකිය.
සෑම තත්පයරක්ම පාසා තත්ත්වය වඩා අයහපත් වෙමින් ඇත.
ඇඩෙලිටා සිය පා ඇඟිලි තුඩු වලින් ඉස්සී ඔහුගේ  දෙතොල සිප ගත්තාය. සීතල අතැඟිලි වලින් ඔහු ගේ බාහුව වැළඳ ගත්තාය.
' එම්...මං ආදරෙයි ඔයාට..'
ඇයට පිළිතුරු ලෙස ලැබුණේ හදිසි වැළඳ ගැනීමක් සහ හිස් මුදුනට ලද හාදුවකි.
වේගය වැඩි කර ගැනීම උදෙසා පිටේ රඳවා ගෙන හුන් ගමන් මළු අතැර දැමූ දෙදෙනා හැකි වේගයෙන් ඉදිරියට ඇදුණහ.

කාලය, උඩුයටිකුරු කරන ලද වැලි ඔරලෝසුවකින් මැනෙමින් තිබෙනවාක් වැනිය. එහෙත් මොහොතකට පෙර තිබුණාට වඩා වැලි වෑස්සෙන සිදුර විසල් වී ඇති සෙයකි  . එහෙයින් කිසිදු වැලි ඇටයක් අපතේ හරින්නට ඉඩක් නැත.

හැතැම්මක් පමණ දුරක් ගමනේ යෙදුණු පසුව ඉහළට නැගෙන පටු පඩිපෙළ ක්  ඔවුන් ඉදිරියේ ඇති වග ඔවුහු දුටහ.
එහෙත් එය නැග යන්නට ඔවුනට හැකියාව ක් ලැබුණේ නැත.
ළඟ ළඟම අඩි ශබ්ද ඇසෙන්නට විය. එමිල් , ඇඩෙලිටා ඔහුගේ ඉදිරියට ඇද ගත්තේය. අනිච්ඡානුගව ම ඔවුනගේ වේගය වැඩි විණි.
කන ළඟින්ම පියඹා ගිය උණ්ඩයක ගුම් ශබ්දයට ඇයට කෑ ගැස්සිණි.

එමිල් වහා ඇඩෙලිටාවද ඇදගෙන පහත් වූ අතර අතැති විදුලි පන්දම ඉවතට විසිකළේය. දෙවන උණ්ඩයෙන් එය විසුණු වී ගියේය. 
මොහොතක පමාවකින් අනතුරුව  , ඇඩෙලිටා පටු මඟේ විරුද්ධ පසට තල්ලු කර දැමූ ඔහු අඳුරේම පඩිපෙළ කරා දිවයන්නට උත්සාහ කළේය.
වෙඩි හුවමාරුවකට  ඇය මැදි කරවා ගන්නට ඔහුට  අවශ්‍ය වූයේ නැත.

දෛව අභිලාෂ  - Destino Escrito ( Scripted Fate)Donde viven las historias. Descúbrelo ahora