" ආ තිනුර වරෙන් ඉදගෙන පෑන් කේක් කෑල්ලක් කන්න..අද නම් කැන්ටිමේ ඇන්ටිගේ පෑන් කේක් නම් පට්ට රසයි... නේද සසා....? "" කේක් තමා දැන් කන්න වෙන්නේ පගෝ...අර කායි කියන හු#න්නා මරි පාට් එකක් දැම්මා පාරෙදි මන් එනකොට..."
"මොකක්ද උබ කියන්නේ තිනුර අර පොන්න කායි බල්ලා!....උට එච්චර හයියක්..ඌ දැන් මොනාද කිව්වේ උබට නගින්න තරම්..."
" නගින්න නෙවෙයි මන් ඔය පරයට ...ඕකා කිව්වා ඉන්හා ගැන වලත්ත කතාවක්...ප#ට වේ# පුතා..."
" මොකද්ද ඉන්හාට .....! දැන්ද පගෝ කියන්නේ..මන් අද ඔය පරයට... කොයි දැන් කැපා...!"
" උබ ඌ ගැන දන්නවානේ රනුල් ..ඌ අන්න මිශන් එක පටන් ගෙන..මන් ආවේ උබලාවත් එක්කගෙන යන්න පගෝ...!"
" ඒ තිනුරයා ,රනුල් අර බලපන් කායි නේද අර හොර ගල් අහුලන්නේ ..ශුවර් එකටම කැපාගේ වැඩක් ...."
" යමන් යමන් සසා ඌ තමයි..වරෙන් තිනුර අරූව අල්ලගමු..!"
" අන්න අරූ අපිව දැකලා දුවනවා..ඉක්මනට අල්ල ගන්න වරෙන් ඔතන හු#න් නැතිව...!"
" නැවතියන් බල්ලෝ..! "
" ඒයි උබ ඔය කොහෙද දුවන්නේ කායි...!"
"කොයි ඉතින් උබ කියපු පිරිමි කම පෙන්නපන්.....නැවතියන් හු#තෝ ....!"
" කැරි වැඩ කරන්නේ නැතිව නැවතියන් හු##..!"
" හූඌඌඌඌඋ....ඒයි උබ කිව්ව විදියට තෝ තමයි බන් ගෑනි....පිරිමි කම් රැකගනිම් බයේ දුවන්නේ නැතුව...!"
"නැවතියන්...!
නවියා උබ අර පැත්තෙන් පලයන්..ඒ පැත්තේ කැපා ඉදියි......."" හා හරි තිනුවා..... රනුල් උබලා ඔය පැත්තෙන් වට කරපල්ලා....සසා වරෙන් මාත් එක්ක මේ පැත්තෙන්...."
උදේ තිනුරයි ඉන්හායි ඉස්කෝලේට එනකොට පාරේ මගරැකමින් උන්න කායි ඇවිත් ඉන්හාට අනවශ්‍ය යෝජනාවක් කලා...ඒ වෙලාවේ පාරේ එක මිනිහෙක්වත් හිටියේ නෑ තිනුරයි ඉන්හායි කායි ඇරෙන්න..ඒ වෙලාවේ කායි කියපු එකට තිනුර ගහන්න ගියත් ඉන්හා ඒක නවත්තලා කායිව ගනන් නොගෙන නැවත ඉස්කෝලේට යන්න ගියත් කායි එක පාර දෙන්නාගේ මැදට පැනලා නවත්තලා ඉන්හාගේ ඉන ගාවින් අල්ලව්වා..ඉවසන් ඉන්න බැරිම තැන තිනුර කායිට ගහන්න ගියත් කායි ඊට කලින් ඉස්සර වෙලා තිනුරට බිමට වැටෙන්න එකක් දීලා ඉන්හාටත් වල් හිනාවක් දාලා උගේ බයික් එකෙන් ඉස්කෝලේ ට ගියා..තිනුරයි ඉන්හායි ඉස්කෝලේට ආපු ගමන් කලේ එයාලාගේ කැපා හොයන එක ...කැපාට විස්තරේ කිව්වට පස්සේ රතු වුන ඇස් වලින් කැපා සුපුරුදු රස්සාව කරන්න පටන් ගත්තා..කොහොම හරි පිට්ටනිය ගාවින් දුවන කායිව කට්ටිය වට කරලා අල්ල ගත්තා...
YOU ARE READING
°~සුද්දා ~°
Fantasy" අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ නපුරුයි ඕයී....!!"