CHAPTER 05

96 16 4
                                    

තිමිරු ඩබල අයිස් කාලා ඉවර උනාට පස්සේ දහ අතේ ප්ලෑන් ගැන කල්පනා නොකර මේ වගේ කපල් වලට කරන්න ඕනී ප්ලෑන් එකට සූදානම් වෙලාම කුපාටි අදහසකුත් හිතේ තියාගෙනම කපල් එක ලගට ගියා..ගියපු ගමන් මුකුත් කතා නොකර ඒ කපල් එක දිහා බලාගෙන ඉදපු ඩබල දිහා ඒ කපල් එකේ කොල්ලා බැලුවා..ඔන්න ඉතින් දැනුයි මාස්ටර් ප්ලෑන් එක පටන් ගන්නේ...ඉස්සෙල්ලාම රුචිර  ප්ලෑන් එකට පය තිබ්බා...

" ඔයා මොකද්ද අයියේ මෙතන කරන්නේ.කවුද මේ කෙල්ල..??? ආ අයියේ කියනවා කවුද මේ ..??ඔයාට මගේ ආදරේ මදි උනාද අයියේ ..??"

" මොකද්ද ..??? කවුද තමුසේ මන් තමුසෙව මීට කලින් දැකලාවත්  නෑනේ..??"

" දෙයියනේ ..!!! මේ ඔයාමද අයියේ..ඇයි දෙයියනේ ඔයාට මාව ඔච්චර ඉක්මනට අමතක උනාද..? ?"

" කවුද සුදු මේ..ඔයා මේ කොල්ලාව අදුරනවාද..??"

මේ කොල්ලෝ දෙන්නාගේ සංවාදය දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදපු කෙල්ල එක පාරටම අර කොල්ලාගෙන් ඇහුවා..

" මන් දන්නෑ මැනික..මේ කවුද කියලා ...."

කොල්ලා උත්තර දුන්නා..ඒත් අපේ තිමිරු ඩබල නවතියිද..??

" මැණික!! ඈහ්..අයියේ ඔයා මට දුන්න ආදරයේ සංකේතයත් මේ කෙල්ලට දුන්නාද...?ඇයි රත්තරං ඔයාට මාව එපාද දැන්..? "

" මේ මල්ලි මේ..! මොකද්ද තමුසේ ඔය කියන්නේ..මන් කවද්ද තමුසෙට ආදරය කලේ ඈ..අනික මන් තමුසෙව දකින්නෙත් අදයි.."

" ඒ මේ බලපන්කෝ මුට උබව අදලු හම්බවුනේ..! ඇයි අයියේ උබට මතක නැද්ද මමමයි උබලා දෙන්නාට සපෝර්ට් කරේ උබලාගේ ලව් එකට .."

රුචිර  තවත් උල්පන්දම් දුන්නා.මේ තුන්දෙනා දිහා අර කෙල්ල බලාගෙන හිටියේ ඇස් වල කදුලු පුරවන්..එහෙන් අර කොල්ලාත් පුල් අන්දොස් වෙලා ඉන්නේ...අර කෙල්ල ආයේ ඒ කොල්ලා දිහා බලලා කතා කරන්න ගත්තා..

" කමක් නෑ සුදු ඔය දෙන්නා සතුටින් ඉන්න මට ඕනී නෑ ඔය දෙන්නා මැදට එන්න..ඒත් ඔයාට කලින් කියන්න තිබ්බ..මන් යනවා.."

" අනේ ඉන්න මැණික..මන් දිව්රන්නම් මන් මුන් දෙන්නව අදමයි දැක්කේ.. ප්ලීස් මැණික ප්ලීස්..!!"

°~සුද්දා ~°Where stories live. Discover now