CHAPTER 12

90 20 11
                                    

[ (°...°)මතක් කරලා උඩ දාලා තියෙන සිංදුව ප්ලේ කරලම කියවන්න..(°...°) ]

ම්...
න..න..නේ..න..නේ..
වූ....
නනේ..නනේ..නා..නා..
නනේ..නනේ..නරේ..නා..නා..
නා..නා..නානේ..
හම්..හම්..

මෙච්චර වෙලා තම තමන්ගේ මනෝ ලෝක වල සැරිසරමින් උන් කට්ටිය එක පාරටම නිහඩ වුනා..හරියට මහ සූරන වැස්සක් වැහැලා පායව්වා වගේ..ඒක මට ටිකක් අපහසුයි වගේ..මොකද මට තේරෙනවා දැන් හැමෝගෙම අවධානය ස්ටේජ් එකේ ඉන්න මට කියලා..ලැජ්ජා වෙලා බෑ මේක තරගයක්..ඉතිං මන් හොද හුස්මක් අරන් මගේ අවධානය ආයේත් සිංදුවට දුන්නා..

නනේ..නනේ..
නනේ..නනේ..නනේ..///

උදුල තරු මේ අහස් තලයෙන්
වසන් වී වාගේ..
මාර සේනා හදට කැන්දන
යාමේ ළං වූයේ...
මේඝ වර්ෂා ගලා හැලුනේ
සේද යහනාවේ..
දෝරේ යන මේ හැගුම් ගංගා
ඔහේ සැලුනාවේ...

සදගනාවට සදළු තල සිප
සුවදෙන යාමයේ...
උණුහුමේ ගිරි තුඩට මීපැණි
ගෙනේවී රාත්‍රියේ ආයේ....

නනේ...නනේ..
නනේ..නනේ..නනේ..//

කාලෙකින් මන් ආවේ නැත්තේ
පහල ගං තීරේ...
ඉවුරු තල සිප ගන්න අවසර
දේද හිත කීවේ...
ගෙවී යන මේ භවේ ජීවිත
ගානේ සංසාරේ...
මගෙම වී පතිනිය නුබේ
දිවි ගෙවේවා නිබදේ...//

" කාලෙකින් මන් ආවේ නැත්තේ ..." ඒ පද පේලිය කියනකොට මට හරි අමුතු හැගීමක් දැනෙනවා..එක වෙලාවක හිතෙනවා ඒ සිංදුව මටම ලියලද කියලත්...මගේ හදවත මටත් නොකියන රහස් තියෙනවා ද මන්දා.. පිස්සුනේ..මන් කවද්ද ලව් කරේ...!අනේ මෝඩ රුචිර පුතේ ඔය ෆීලින් ගැන හිතන්නේ නැතුව සිංදුවට අවධානය දීපන්...

සදගනාවට සදළු තල සිප
සුවදෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි
ගෙනේවී රාත්‍රියේ ආයේ...

නනේ..නනේ...
නනේ..නනේ..නනේ...

එච්චරයි...මන් සිංදුව කියලා ඉවර වෙනවත් එක්කම හැමෝම ක්ලැප් කරා..එතකොටයි මන් ඉස්සරහ ඉන්න අය දිහා බැලුවේ...සමහර කෙල්ලෝ පැණි හිනාව කනවා...ඇවිත් හිටපු අනිත් තරගකරුවෝ ඇස් කටේ දාන් ස්ටේජ් එක දිහා බලාන ඉන්නවා...අනිත් පැත්තෙන් අපේ ස්කූල් එකේ කට්ටිය ස්කූල් එකේ නමයි මගේ නමයි කිය කිය උඩ පනිනවා..ඉස්සරහම පේළියේ ආරාධිත අමුත්තන් එක්ක වාඩි වෙලා ඉන්න ප්‍රින්සිපල් එහෙමත් නැතිනම් තාත්තා මන් දිහා බලලා හිනාවුනා..

°~සුද්දා ~°Where stories live. Discover now