" ආ නානා අණ්ණා ........!"
" ආහ් මේ ශශා තම්බිලානේ..අඩේහ් යෙන්ඩඩා යේත් මන් හිතුවා මොකෝ මේ පෙත්තේ ආවේ නෙහෙ කියලා..."
" මේකනේ නානා අයියේ මේ දවස් වල ටිකක් බිසී..දන්නැද්ද ඉතින් කොල්ලෝනේ ....!"
" යේක ශරි ....යේක ශරි... තම්බිලාට මේ නානාගේ උණුම උණු ශුපර් ටී එකක් දාන්නද...?"
" ආයෙත් අහලා නානා අයියේ...දාන්නකෝ එකට හතරක්ම......"
" හෙතරක්.......? යේත් මෙතෙන තමා ඉන්නේ--..කමක් නෑ යේනම් මන් දාන්නම් ශුපර් ටී එකක් මේ තම්බිලාට.."
" වඩේ ටිකකුත් තිබ්බනම් ශෝක් නේද තිනුර ....?"
" අනේ මේ හුත්තෝ කට වහගෙන ඉදපන්කෝ..නානා අයියේ හොද වඩේ ටිකකුත් ගේන්න වෙනම ප්ලේට් එකකට දාලාම..."
" ආහ් ශරි ශරි තම්බි.."
" මේහ් ඒක නෙවෙයි තිනුවා ..මොකෝ කියන්නේ අද ගහමුද හතර හයේ පාරක් උබලත් සෙට් උන එකේ.."
" අඩෝ සිරාවට..!! ඒනම් සසා මේම කරමු අපි නෆීස්ලගේ ටීම් එකටත් එන්න කියමු..ආයේ ඉතින් අපේ සෙට් එකත් ඉන්නවානේ.."
" හ්ම්ම්...ඒකනම් හොද අදහස බන්..හැබැයි ඉතින් නෆීස්ගේ ටීම් එකේ උන් හෙන බල්ලෝ බන්..උන් හිතලම විකට් එකට කෙලිනවා.."
" කමක් නෑ බන් ආයේ ඉතින් ආතල් එකටනේ..උන්ටත් එන්න කියමු.."
" හරි ඒනම් අපි මහවැලි ග්රවුන්ට් එකට යමන්..ඒකේ මේ වෙලාවට සෙල්ලම් කරන්නේ පොඩි උන්නේ..උන්ව එලවගන්න ලේසියි..මේහ් තිනුවා උබ අනිත් උන්ට කියපන් මන් නෆීස්ට කියන්නම්.."
" එලම සසා යමන්..."
*****************************************
ප්රශ්න කොහේ ගියාද මන්දා අපේ උන් එක්ක ඉද්දි..ආයේ ආතල් ලෝකයක්..ආහ් අමතක වුනානේ කෙල්ලනේ කියන්න ඔය ගොටුකොළ එළ වස්සා ඉන්නේ ඌ අද මහා ලෝක පුදුම වැඩක් කලානේ..කවදාවත් බස් එකක තියා ටුක් එකකවත් ගිහින් නැති මූ අහම්බෙන් වගේ බස් එකක ගියානේ...මාත් බස් එකට නැග්ගට පස්සෙයි ඌව දැක්කේ..පොරටත් හින්ට් එකක් ගහලා මගේ සෙට් එකත් එක්ක මොරගහමුල බැස්සා...අපේ උන්ට සමුදීලා කෙලින්ම මැන්ශන් එකට රිංගලා වොශ් දාලා අපේ මැණිකෙවත් අවුස්සලා මාගේ රූම් දේවතාවී වෙත පියමැන්නා..ඇදේ නිදාගෙන එහාට මෙහාට පෙරලි පෙරලි පොතක් කියවන්න ගත්තත් මොකද එක දිගට පෝන් එක අඩනවා ආයේ ඉකි ගහනවා..එයා අඩනවා ආයේ ඉකිගහනවා...අනේ එයාට මාව මතක් වෙලාහ්..! හේ හේ පෝන් එක අතට අරගෙන ෆේස්බුක් එක පැත්තට ගියා..ෆේස්බුකා තමා ඔය අඩන්නේ..නොටිෆි කැටියයි..මන් හිතන්නේ ඊයේ දැම්ම මගේ කඩවසම් රූපෙට කට්ටිය වහ වැටිලා වගේයි..අහ් නරකම නෑ..කොහොමත් මන් ඇහැට කනට පේන්ට ඉන්න හැන්ඩියානේ...අඩේහ් ෆලෝවර්ස්ලා ගොඩහ්..මෙච්චර ෆලෝවර්ස්ලා මේ කතාව ලියන ඔතරිටවත් නැද්ද කොහෙද ...දැම් වෙලාවක් නෑ කෙල්ලනේ ෆලෝවර්ස්ලා බල බල ඉන්න..පොඩ්ඩක් ඉන්න දැකලා පුරුදු ෆොෆයිල් එකක් ..ආහ් මේ අභිලාශ් නේ..අඩේහ් මූ මාව ෆලෝව් කරලා..මට අදහාගන්න බෑ මට සිතන්ටවත් ඉඩ නෑ අර සිංදුවකුත් තියෙන්නේ ..ඒක මටම ගැලපෙන සිංදුව මොකද මූ මාව ෆලෝව් කරලා කිව්වම..කමක් නෑ ඔන්න ඔහේ මාත් මූව ෆෙන්ඩ් ලිස්ට් එකට ඇඩ් කරගන්නවා..ඌවත් ඇඩ් කරගෙන මන් ආයේ පෝන් එකට නිදහසක් දෙන්න හිතාගෙන පෝන් එක ඇද උඩ සැපට තියන්න යද්දිම කොහෙද ඉදන් ආයේ නොටිෆි සද්දයක් ඇහුනා..
YOU ARE READING
°~සුද්දා ~°
Fantasy" අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ නපුරුයි ඕයී....!!"