CHAPTER 16

55 13 5
                                    

" හෙමීට වක්කරපන් යකෝ.."

" හෙමීට තමා සසා වක් කරේ..."

" මෙන්න මෙහේ දියන් ඕක තිනුර .."

" ඕක හොල්ලන්න එපා රනුල්..තොට කියනවට වඩා හොදයි - - ඕන් බලපන් තොගේ ගොංකම නිසා ඕක ඇරියාම වෙන දේ.."

" උබ හිටපන්කෝ සසා..ඕන් බලාගනීන් මන් මේක කුපිරියට අරින විදිය.."

" අරියි අරියි උබ ..."

" හරිනේ අමාරුව රනුල්..!! "

" අනේ පගෝ හැලුවා නේද මගේ ඇගටම..මන් කිව්වා තොට ඕක හොල්ලන්න එපා කියලා.."

" සරි බරි සසා..මන් හිතුවේ නෑනේ මේම දෙයක්..ඕහ්හ් ශිට්..ඉදා මේ ලේන්සුව.."

" මෙහේ දීපන් ඉක්මනට.."

උදේ හොද කිංකිණි රාවයකින් තමයි මන් ඇහැරුනේ ....මොකද ,
තිනුරයි,සසායි,රනුලුයි අද අපේ දිහා..උන් ආව වෙලේ ඉදන් කනක් ඇහෙන්න නෑ ....ඔහේ ලෙච්චිමීලා වගේ කියවනවා ඉවරයික් නෑ....ඒ මදිවට මගේ රූම් එක බද්දට අරගෙන ඒකත් විනාශ කරනවා..ගොන් කැරි හැත්ත...

අද අපේ තාත්තා ගේ හෙලිකුට්ටන් ඩේ එක...උදේ ඉදන් අපි සෙට් එක හෝගාලා වැඩ..ගෙදර සැරසිලි කරන්නේ මගේ විදියට නිසා අද හැමවැඩකටම ඇහැ දාලා බලන්න උනේ මට...ඉතින් මතක් කරන්න ඕනී මගේ ගෝත රැලත් ආවා ඒ නිසා මෙහේ...උන් ටික තමා හැම වැඩකටම මුල් වුනේ..දැන් වෙලාව හතරත් පහුවෙලා..මන් රූම් එකෙන් එලියට ගිහිල්ලා එන ටිකට මේ ගෝත රැල පාටියට ගෙනාව බීම බෝතලයක් අරගෙන නාඩගම් රැසයි...රනුල් තියෙන ගොන් කමට බීම එක හොදට හොල්ලලා ඕපන් කරා..හරිනේ අමාරුව ඌ හොල්ලපු පාර හෝස් ගාලා බීම ටික සසාගේ ඇගේ...

" අනේ බන් තොපි රසායනික විද්‍යාව උගන්නන වෙලාවේ ගෑනිගේ ප්‍රෙග්නෙන්සි එකට ගියාද...? මෝඩ කැරියා.."

මන් බීම බෝතලේ රනුල්ගෙන් උදුරගෙන  ඉතිරි බීම ටික කටට දාගන්න ගමන්  උගේ ඔලුවට එකක් ගහලා කිව්වා..

" හේ හේ රුචිර උබ දන්නවානේ කෙමිස්ට්‍රි කියන්නේ මගේ නාකුණු විශය කියලා.."

" මට උබේ අනාගතේ හොදට පේනවා රනුල්..අනේ උබ බදින එකීට දෙයියන්ගෙම පිහිටයි.."

You've reached the end of published parts.

⏰ Last updated: 5 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

°~සුද්දා ~°Where stories live. Discover now