CHAPTER 07

100 15 5
                                    

කෑදතා කාමරේට වොශ් දාගන්න කියලා රිංගගත්තාමයි තාම ආවේ නෑ පල්ලට..මිනිහා මාත් එක්ක පට්ට කේන්තියකින් ඇත්තේ..මොනා කරන්න ද රුචිර පුතෝ උබමයි මාව මේවාට ඇදලා ගත්තේ පොඩිකාලේ ඉදන්ම දැන් ඉතිම් විදවපන්..මේ දවස් වල ඉස්කෝලේ දී පවා පොර නෝ කතා නෝ සිනා ...පුහ් ඌ හිතාන ඉන්නේ මන් ඒවාට සැලෙයි කියලා..පොරට පිස්සු ද කොහෙද ඒලෙවල් අතලග තියාන එක එක බාහිර වැඩ වලට යන්න..ආහ්...මට මොකෝ ඔය උරුලෑ කෑදතා ගැනහ්..එක අතකට ඕකා පේල් වෙලා මන් පාස් වුනොත් කාටද ආඩම්බර ...හේ හේ වෙන කාටද මටම තමයි...ඒලෙවල් ගැන මනෝ පාරක් ගහගෙන හිටපු මට කුනාටුවක් ගැහුවා වගේ හරි සිහියට ආවේ අම්මි ගේ කටහඩට.!

" සුදු  පුතා..! "

" ඕ අම්මි  කියන්න..?"

" මේ අර තේරෙන්නෑ කීව physics පාඩම රුචිර  පුතාගෙන් අහගන්නකෝ  ඉතින්.."

මේ අම්මි නම් මොනාවා කියනවාද අප්පා  ආන්ටිට ඇහෙන්න..මන් මේ කෑදතාට කියලා උගෙන් පාඩම් අහගන්න..ඊව්..අර නසරානි හාවා හිතයි මන් පිටරට ඉදලා පොල් ගෑවා කියලා..ඊටත් වඩා අර පොඩිඑකාට සෙකන්ඩ් වෙන්න මට බෑ..

" නෑ නෑ අම්මි මට ඒක තේරෙනවා මන් බොරුවට කිව්වේ තේරෙන්නේ නෑ කියලා--"

" අනේ පුතේ ඔයාට නොතේරෙනවානම් අපේ පුතාගෙන් ලැජ්ජා නැතිව අහගන්න එයා කියලා දෙයි.."

ආන්ටි කියපි..

" අනේ නෑ ආන්ටි  අපේ මාම් බොරු කියන්නේ.."

" හරි හරි පුතා කමක් නෑ දන්නැති දෙයක් තියෙනවා නම් අපේ රුචිර  ගෙන් අහලා බලන්න .."

" මන් කිව්වා සමාදි  මෙයාට ,කොහෙද ඉතින් සුදු  පුතාගේ ලොකුකමනේ.."

" අනේ අම්මි-"

"අනේ  පුතේ කරදරයක් නැතිනම් අපේ රුචිර ගේ රූම් එකට ගිහින් මේක දීලා එනවාද ..?ඕක දැම් ගිහින් දුන්නේ නැතිනම් ගේ දෙවනත් කරයි.."

ආන්ටි මට බනානා මිල්ක්ශේක් එකක් අතට දෙන ගමන් කිව්වා..ඊව් මේකේ ගද ඈක්කා මේකා කොහොම බොනවද මන්දා ...මට  මතකයි ඌ ඉස්සර චූටිකාලේ නාලා ඉවර උනු ගමන් මේ ජරාව බොනවා..ආන්ටිත් උට මේවා හදලා දෙනවා..චික් මූ ලොකු උනාට මුගේ වැඩ නම් කිරිසප්පයෙක් වගේ..ඔහොම යන්කෝ පුතේ මන් උබේ පිට පොත්ත ගෙදර අයට පෙන්නන කම්..මන් උගේ රූම් එක ලගට ගිහින් ලොක් එකට අත තියලා ආයෙත් අත පස්සට ගත්තා..ඇත්තටම මූ මොනා කරනවාද දන්නෑ ඇතුලට වෙලා..? ඔන්න ඔහේ දොරට තට්ටුවක් දාමු...මන් හිතන්නේ පොර දොර ලගට එනවා වගේ අද උබ ඉවරයි ...!! ඌ දොර බාගෙට අරිනවාත් එක්කම මන් දොර හයියෙන් ඇරලා රූම් එක ඇතුලට පැනලා දොර වැහුවා.අම්මට සිරි යකෝ කෑදතා ඇද අයිනේ ගිහින් වැදිලා කොන්දත් අල්ලන් ඉන්නවා..හොද වැඩේ තොට ..මන් කින්ඩියට හිනාවක් දාගෙන ඌ ලගට ගිහින් බිමට පාත් උනා..

°~සුද්දා ~°Where stories live. Discover now