CHAPTER 13

91 20 8
                                    


බංගලාවේ නෝනා
අඩි සෙරෙප්පු දාලා
පට්ට කලුවරේ යනකොට
බෙට්ට පෑගීලා
ආහ්..........
පිට්ටු කියලා අල්ලනකොට
අතේ ගෑවීලා....

බංගලාවේ නෝනට කෙසේ වෙතත් රුචිර ට නම් බෙට්ට පෑගේන සයිස් එකක් තියෙන්නේ..මේ වෙලාවේ කොල්ලා පට්ට බයෙන් තමා එක අතකින් කප් එකත් උස්සගෙන අඩිය තියන්නේ...සීන් එක කිව්වොත් ඉතින් හල්ලියද්ද පාස් කරලා යනකොට පට්ට පත අතු හෙනට බෙදිලා ගියපු සියඹලා ගහක් හම්බ වෙනවා...ඇත්තම සීන් එක තමා ඒ සියඹලා ගහ එසේ මෙසේ ගහක් නෙවෙයි අපේ තිනුරයා කියන විදියට පිසාචයෝ අරක් ගෙන ඉන්න ගහක්...ඒකේ ඉන්න පිසාචයෝ රෑ හතෙන් පස්සේ එලියට එනවා බිල්ලක් හොයාගෙන ඩැහැගන්න..රෑ හතෙන් පස්සේ ඔය පාරේන් මිනිස්සු තනියම නොයන තරම්..ඒ තරමටම ඒ ගහ හෙන ප්‍රසිද්ධයි ලු..ඉතින් වැරදිලා හරි ඒ වෙලාව පහුවෙලා එතනින් තනියම ගියානම් උදේට කුකුළා හඩලන්නත් කලින් ඒ කෙනා මිනියක් වෙලා ඉවරයි...මන් දන්නෑ ඉතින් ඕවා තිනුර තමා රුචිර ට කිව්වේ...කොල්ලට දැන් හීන දාඩිය හිටන් දාලා ....

( මේ රුචිර ඔයාගේ තනියට Bl හාටුව ගලාගෙන යන රීඩර් කෙනෙක්ව එවන්නද...? )

හොද වැඩේ රෑ වෙනකම් ස්කූල් එකේ ඩාන්ස් දැම්මට..

" ආ මල්ලී කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ ..."

ඉතින් ඔන්න රුචිර  තවත් බය වුනා...ඊයා බන් උබ කැපා නේද ඒකත් වලි කැපා..ඒම වෙලත් මූ හෙන බය පොරක්නේ..කට විතරයි...රුචිර ට මොකෙක්ද මන්දා එකෙක් කතා කරන සද්දේ ඇහුනත් වට පිට බැලුවට කවුරුවත් හිටියෙත් නෑ..ආයෙත් ඒ කට හඩම ඇහුනා..

" ඇයි මල්ලී මන් කිව්ව එක ඇහුනේ නැද්ද ...? උඩ බිම් බැලුවට වැඩක් නෑ කොල්ලෝ..."

" හැංගී හැංගී වෙස් බදින්නේ නැතුව ඔය කියවන එක නතරකරලා වරෙන් එලියට..."

රුචිර වුනත් නිකම් හිටියේ නෑ..බය උනත් බය නෑ වගේ ඇක්ටින් එකක් දාගෙන කිව්වා..

" හැබැයි මල්ලී මන් එලියට ආවෝත් උබ දුවන්නේ නෑ කියලා කියපම්.."

" අ-අහවල් එකටද මන් දුවන්නේ..හැබැයි එලියට එනකොට කියල වරෙන්.."

" හරි පැංචෝ ඔන්න මන් ආවා.."

°~සුද්දා ~°Where stories live. Discover now