" මගේ එකා..!!"
මෙච්චර කාලයක් ගිහිල්ලත් නොයෙන කෙනායි අභිලාශ් කිව්ව මගේ එකායී කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා සිහියට එද්දි දරාගන්න හරි අමාරුයි...මගේ එකා...!!ඇත්ත ඒ අභිලාශ් ගේ විතරක්ම උනු එයාම අයිතිකරගන්න බලාන ඉදපු එයාගේ වචනෙන්ම කිව්වොත් උගේ එකා...!!
ඇත්ත ...මට එයා වගේම විනාශ වෙලා ගිහින් මගේ උන්ට දුකක් දෙන්න බෑ..ම-න් ඒම වි-විනාශ වෙන්නේ නෑ...!!
මොකද අම්මගෙයි තාත්තිගෙයි හුස්ම පොද මන් වගේම මගේ හැමදේම එයාලා...මන් කවදාවත් එයාලව තනි කරන්නේ නෑ...ඒක කොහොමත් වෙන්න දෙන්නේ නෑ...මගේ මල්ලි අචිරට වුනු දේ මට කරගන්නේ නෑ...හ්ම්ම්..ම-ගේ ම-ල්ලී..!!
එක මාම්ගේ බඩවැලේ එකම කුසේ වැඩිලා ඒ බඩවැල කඩාගෙන එන්න විනාඩි දෙකක වෙනසක් නිසා මට බාල වුනු මගේම මල්ලී...නෑ නෑ ඒක මල්ලී කියන එකට වඩා එහා ගිය බැදීමක් ...අම්මගේ බඩට එන්නත් කලින් එකටම පතාගෙන ඇවිත් ඉපදුනු අපි දෙන්නට දෙන්නා නැතිවම බැරි උනා..කටහඩින් , පෙනුමෙන් පවා එක වගේ කාටවත් හරියටම අදුරගන්න බැරි උනු මාවයි මල්ලිවයි හරියටම අදුරගන්න පුලුවන් වුනේ අභිලාශ් ට විතරයි...මොකද ඌ පොඩිකාලේ ඉදලා අපි දෙන්නගේ හැසිරීම් ගතිගුණ වලින් මම කවුද මල්ලි කවුද කියලා හොයාගන්නවා...
ඇත්ත අපි දෙන්නට දෙන්නා පෙනුමෙන් එක වගේ උනත් ගතිගුණ අතින් ඊට වඩා හාත්පසින්ම වෙනස් චරිත දෙකක් වුනා...!!
අචිර අහිංසක ගතිගුණ වලින් පිරිච්චි ලස්සන සුරදූතයෙක් වෙද්දී මම කාටත් වදකරන කටවැඩි නසරානි කොලුදූතයෙක් වුනා...ඉතින් ඒක තමයි අපි දෙන්නා අතර තිබුනු එකම වෙනස...!!
ලස්සනට ජීවත් වුනු පවුලට හෙනහුරා ගැහුවා වගේ විනාශ වෙලා ගියේ හරි අපූරු නිමේශයකින් එක පරයෙක්ගේ බැල්ම නිසා..ඉතිං අන්තිමේටම ඒවට වන්දි ගෙවන්න උනේ මගේ මල්ලි අචිරට...!!
හරි ලස්සන මල් ඉක්මනට පරවෙලා යනවා කියන කතාව ඇත්ත වුනත් , ලෝකය මැව්ව දෙවියට තිබ්බා මගේ සහෝදරයා ආරක්ෂා කරන්න...!!!
" රුචිර උඹ ලෑස්තිද...?"
" ආ ඔව් බන්..මේ එනවා.."
YOU ARE READING
°~සුද්දා ~°
Fantasy" අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ නපුරුයි ඕයී....!!"