" මේ තියෙන්නේ වොශ් රූම් එක .....!යනවා ඇතුලට .....!"
" මොකද්ද ....?"
" ඇයි කිව්ව එක ඇහුනේ නැද්ද .....?"
" අහ්ම්....මේ ඒක නෙවෙයි -- "
" මේ මෙතන මට තනි රකින්න බෑ..යනවා ගිහින් ඉක්මනට එනවා වැඩේ කරගෙන .....!"
රුචිර මොක කියන්න ගියත් අභිලාශ් කලේ හරහට රුචිර ට වචන ඔහේ ගහලා දාලා කතා කරපු එක...පේන විදියට අභිලාශ් රුචිර ව ගනන් ගන්නේ නැති එක නම් රුචිර ට දැනිලයි තිබ්බේ...රුචිර මෙච්චර පාච්චල් කතා අහගෙන ඉන්නෙත් මෙහෙට ආපු අමුත්තෙක් කියන හැගීම නිසා හැර අභිලාශ් ට බයේ නම් නෙවෙයි .....හැබැයි ටික වෙලාවක් යනකොට ඉතින් අපේ වලි කැපාට නම් කටවහන් ඉන්න බැරි උනා ...
" මේ මේ...මන් කිව්වේ නෑනේ තමුන්ට මෙතන මේ තනි රකින්න කියලා...තමුන් කියන ඒවා අහන ඉන්න තරම් මන් පොන්නයෙක් නෙවෙයි ....අනික තමුන්ගේ ගෙදරට ආපු අයට හරියට සලකන්න ඉගෙන ගන්නවා බූරූවෙක් නොවී ..... තමු-"
රුචිර ට තව එක වචනයක් වත් කියන්න නොදී අභිලාශ් රුචිර ගේ කට දෙපැත්තෙන් අල්ලගෙන වොශ් රූම් එකේ දොරට තද කරා....
" කාටද උබ බූරූවා කියන්නේ ආ ....උබේ කට වැඩියි !....දැනගනිම් මන් උබේ කට කුඩුකරනවා .... !"
"..................................."
" අනික මට උබ පොඩිකාලේ ඉදන් කරපු ඒවා අමතක නෑ ....උබ හිතුවෙ මන් ඒවා අමතක කරා කියලද රුචිර .....!"
"අ-ත්-හැහ්ශ්ම්ක්ක්. ."
අභිලාශ් රතු උන ඇස් වලින් බනිද්දි ඒවා අහගෙන උන්නු රුචිර කතා කරන්න ගියත් අභිලාශ් ගේ ග්‍රහණයට හසු වෙලා ඉන්න නිසා එක වචනයක් වත් හරියට උච්චාරනය වුනේ නෑ......ටිකක් වෙලා රුචිර ගේ කට දෙපැත්ත හයියෙන් අල්ලගෙන ඉදපු අභිලාශ් රුචිර ව අතහැරලා කින්ඩියට හිනා වුනා .....
" ආං ඒ බය තියාගනිම් කෑදතා....දැන් යනවා ගිහින් ඉක්මනට වරෙන්..නැතිනම් උබට මෙතනම යයි...!"
රුචිර POV~
මේ බේසිකයා හිතාන ඉන්නේ ඌ මොකා කියලද දන්නෑ මගෙ කට කුඩුකරන්න...අමන ගොටුකොළයා...පොඩි කාලේ ඒවා මතකයි යැයි යැයි ගගා..ඌ හිතාන ඉන්නේ මාත් ඒවා අමතක කරලා ඌ එක්ක සාමදාන වෙන්න ආවා කියලද දන්නෑ....දැන් නම් හොදටම ශුවර් ඌ තමා අභිලාශ් කියලා....මෙච්චර වෙලා උනත් මන් කට පියන් හිටියේ මේ ඉන්නේ අභිලාශ් නෙමෙයි වෙන්නැති කියලා තිබුනු සැකේ හින්දා...ඒත් උගේ වචන නිසා දැම් නම් හොදටම ශුවර් ඒ අභිලාශ් ගොටුකොළයාම තමයි කියලා...ඌ මට කෑදතා කියලා නේද කිව්වේ ...ඔව් ඉතින් උට කොහොම අමතක වෙන්නද ඒ නම ඌමනේ පොඩිකාලේ රණ්ඩු වෙනකොට මට කිව්වේ.....උගේ රැස් නම් තාම අඩුවෙලා නෑ හිටපු විදියමයි....ඒ වෙලාවේ මට තිබ්බ අවශ්‍යතාවේ හැටියට එතතින් අනිත් පැත්තට හැරිලා මොකුත් නොකියා වොශ් රූම් එක ඇතුලට ගියා නෙවෙයි ඉගිල්ලුනා....ඒම රිංගුවාට මොකෝ වොශ් රූම් එක වෙනුවට තිබ්බේ ලොකුම ලොකු බෙඩ් රූම් එකක්....ඒකේ හැමතැනම පොටෝ එල්ලලා අර අභිලාශ් කියන එකාගේ...හිතෙන විදියට මේ රූම් එක අරුගේ වගේ.. ආහ් තව ද්රොරක් තියේ ඒක වෙන්න ඕනී මගේ අවශ්‍යතාව සපුරාලීමට ඇති රූම් එක.....
YOU ARE READING
°~සුද්දා ~°
Fantasy" අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ නපුරුයි ඕයී....!!"