" හලෝ මේ මිස්ටර් මිහික නේද ......?
" ඔව්..ඔයා...? "
ශොප් එකට ඇතුල් වෙලා එතන තිබ්බ ටෝයිස් කලක්ශන් එකට ඇහැ ගියපු මම දෙපාරක් නොහිතා එතෙන්ට ගියා....කොච්චර ලොකු උනත් මන් දන්නවා චූටී ඉස්සර වගේම තාමත් චූටී බබෙක් වගේ ටෝයිස් වලට ආසයි කියලා ..ඒකත් එයා ආස අයන් මෑන්ස්ලා,ස්පයිඩර් මෑන්ස්ලා කියන සබ්ජෙක්ට් වලට..කොහොම හරි චූටී මෑන්ට ටෝයි එකක් තෝරගෙන මැන්ශන් එකට ඕනී දේවලුත් අරන් කැශියර් එක ගාවට ආවා..කැශියර් එකේ හිටපු ලේඩී ඒ ටික පැක් කරලා බිල් කරනකන් මන් වොලට් එක අතට ගත්තා..බිල් එක ගෙවලා එලියට එද්දිම කෙනෙක් මාව දැකලා මගේ නමත් කියලා කතා කලා..මන් හිතන විදියට මගේ ක්ලිනික් එකට එන මෙම්බර් කෙනෙක් වෙන්න ඕනී..ආ කියන්න බැරි උනා මම ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් ..ඒලෙවල් වලට සයන්ස් කරලා හොද අයිලන්ඩ් රෑන්ක් එකක් අරගෙන ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන් උනත් මගේ පොඩිකාලේ ඉදන් ආසාව වුනේ දත් පිලිබද වෛද්‍යවරයෙක් වෙන්න ...ඒ කෙනාට ආපිට මම උත්තරය දෙන ගමන් මගේ අත දික් කරා..එයාත් හෑන්ඩ් ශේක් කරලා මන් දිහා බලලා හිනා වුනා..
" මම රුෂිර දේවනාරායන ..මන් මිස්ටර් මිහික ගේ ඩෙන්ටල් එකට ආවා එදා.."
" ආහ් සොරී ...මට එක පාරටම අදුරගන්න බැරි උනා මිස්ටර්ව..ඉතින් මිස්ටර් රුෂිර දැන් කොහොමද ........?"
" දැන් නම් හොදයි ඩොක්ටර් මිහික ..හැබැයි ඩොක්ටර් මිහික මට ඔය මිස්ටර් කියන කෑල්ල කියන්න ඕනී නෑ..මට රුෂිර කියලා කතා කරන්න..."
" ඒත් මිස්ට-"
" ඔය ඉතින්..ඩොක්ටර් මට මිස්ටර් කියනවානේ..ඩොක්ටර් ඔහොම කියනකොට මට හිතෙන්නේ මන් හෙන නාකි කෙනෙක් කියලා.."
" අනේ අම්මේ ඉතින් එහෙනම් ගිහින් කණ්ණාඩියෙන් බලාගන්න වේවී රුෂිර ට.."
" ආහ්..ඔය කියන්නේ ලස්සනට ඩොක්ටර් මගේ නම.."
" හේ හේ..එහෙනම් ඉතින් රුෂිරත් මට ඔය ඩොක්ටර් කියන එක අයින් කරගෙන මිහික කියලා කියන්න වෙයි.."
" අපි බලමුකෝ ඩොක්ටර් ...ආ ඒක නෙවෙයි ඩොක්ටර් මෙහේ ...?"
" ඔව් රුෂිර මගේ බාප්පාගේ මැන්ශන් මේ ලග තියෙන්නේ...ඉතින් මන් එහේ ඉන්නේ.."
YOU ARE READING
°~සුද්දා ~°
Fantasy" අනේ පල යන්න හිපාටු ගොටුකොලයා..." "ඇයි මන් යන්නේ තොට ඕනි නම් පල මෝඩ කෑදතා..." "තමුසේ නම් මහ නපුරුයි ඕයී....!!"