බිල්ඩින් අස්සෙන් එහෙන් මෙහෙන් දාලා උන් ටික අපිව එක්කන් ඇවිත් ගරා වැටුණු පරණ පන්ති කාමරයක් ළඟින් නැවතුනා....
" අහ්...හා....මොනවද බලන්නේ ඔතන දොරින් ඇතුළට පලයව්...."එකෙක් එහෙම කියද්දී මට පැනපු ගමන් ඕකගේ හොම්බ තලන්න හිතුනා ඒකා හිතාගෙන ඇත්තේ ඌ මහා එකා කියලා...අපේ වයසෙම ඉඳන් අපිටම පාර්ට් දාන මුන් ටිකට දෙකක් දෙන්න ඇත්නම් කියලා හිතද්දී මන් හිතන්නේ ඒකට මගේ ඇඟත් ක්‍රියාත්මක උනේ මගේ අතත් මිටි මෙලවිලා....
ඒ එක්කම වගේ මගේ ළඟින් හිටපු යෙනු මගේ අතින් ඇල්ලුවේ සංසුන් වෙන්න කියන්න වගේ
මන් යෙනූ දිහා බලලා හුස්මක් අරන් පහත හෙලලා සන්සුන් උනේ දැන්ම ප්‍රශ්නයක් දාගන්න බැරි නිසා....
උන් කියපු විදියට අලුත් සෙට් එකේ හිටපු ළමයි තිස් දෙනා පන්ති කාමරේ දොරෙන් ඇතුළට ගියා...
බැලූ බැල්මට එක වහලා දාපු විද්‍යාගාරයක් වගේ....කාමරේ වටේ හදලා තිබුන බෙන්ච් වලිනුයි කැඩිලා තැන් තැන් වල තිබ්බ බීකර් වලිනුයි මට ඒක තේරුණා....කාලයක් තිස්සේ පාවිච්චි නොකර නිසාමද කොහෙද ඒකෙන් තනිකර පුස් ගඳක් ආවේ....නහය අකුලගෙනම අපි සෙට් එක වෙන්නේ මොකක්ද කියලා බලන් හිටියා...
" හොඳයි දැන් කට්ටියම දන්නවනේ අපි මෙතනට ආවේ ඇයි කියලා....මේක අපේ ඉස්කෝලේ සම්ප්රදායක්...ඒ කියන්නේ හැම අවුරුද්දෙම එන ළමයි පිළිගන්න අපේ ඉස්කෝලේ ළමයි කරන දෙයක්....මොකද කිව්වොත් අපි ඒ ඉස්කෝලේ 1 ඉඳන්ම ආව අය....අනිත් උන් ශිෂ්‍යත්වයෙන් ආව අය හරියට බැලුවොත් උඹලා එන්න අවුරුදු ගාණකට කලින් ආව අය...උඹලා අපේ ඉස්කෝලෙට ආවේ අවුරුදු දෙකකටනේ ඉතින් ඒ නිසා පරණ අපිට වඩා උඹලට මේ ඉස්කෝලේ රඟන්න දෙන්න බෑනේ...ඒ නිසා අපි හිතුවා කලින්ම අපේ නීති ටික උඹලට කියන්න නැත්තම් පස්සේ කිව්වේ නෑ කිව්වොත් එහෙම නේද කුශාන්..."
YOU ARE READING
ආදර උමතුව (Love Turned " Toxic")
Sachbücherමාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්‍රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න...