⛓️ 12 වන දිගහැරුම ⛓️

79 9 5
                                    

            රෑ වෙනකන් මගේ කතාව ඩයිරියේ  ලියලා ඉවර වෙලා මට නිදාගන්න පාන්දරත් පහු වුණා ඒ නිසා අද මම නැගිටිද්දී උදේ දහයත් වෙලා....ලංඩන් වලට ආවට පස්සේ මමයි යෙනුයි  එකම එපාර්ට්මන්ට් එකක කාමර දෙකක හිටියේ.... මෙහේ ආව කාලෙම යෙනූට ජොබ් එකක් සෙට් වුණ නිසා යෙනූ වැඩට යනවා උදෙන්ම.....අදත් එයා ෆ්‍රිජ් එකේ නෝට් එකක් දාලා මටත් කෑම හදලා තියලම ගිහින් තිබුණා....යෙනූ හදලා තිබ්බා පැස්ටා එක එක්ක කොෆි එකක් හදාගත්ත මම කුස්සියේ තිබ්බ ටේබල් එකෙන් වාඩි වෙලා  හිමින් හිමින් කන්න ගත්තා....

                      මට වැරදුණ මං වරද්දගත්තු අතීතය ගැන මට මතක් වෙද්දී  ද හිතට දැනෙන වේදනාව ටිකක් අඩු වෙලා හිතට පොඩි හරි නිදහසක් ඇවිත් කියලා මට දැනුණා....මං හිතන්නේ මගේ ඩිස්ප්‍රෙස් ගතිය දැන් දැන් මගෙන් ටික ටික ඈත් වෙනවා....ඒකට හේතුව යෙනූ, අම්මා වගේම සමහරවිට මම හැම හැඟීමක්ම ඊයේ අකුරු කරපු නිසා වෙන්න ඇති කියලා මටම හිතෙනවා....අතීතය කියන දේ මට අමතක කරන්න බෑ ඒක මට හැමතැනකදීම මතක් වෙයි....ඒත් මං දැන් දන්නවා ඒව මතක් වුණත් මට කලින් තරම් දැනෙන වේදනාව ටික ටික අඩු වෙනවා කියලා.... හරියටම කිව්වොත්  ඒ හැමදේම මට ටික ටික සාමාන්‍ය වේගෙන යනවා....ඒත් එක දෙයක් තියනවා මතක් වෙද්දී මට තාම රිද්දන ඒ  යෙනූ ,මගේ අම්මා  මං වෙනුවෙන් මේ කරන දේවල් පේද්දී මට මං ගැනම දැනෙන  පසුතැවීම..... මටම මිස් වෙච්ච පහුවෙච්ච කාලේ ගැන ඒ දේවල් මට තාමත් රිද්දනවා....තමන්ගේ සහෝදරයෙක්වත් නොකරන දේවල් මගේ යෙනුවා මං වෙනුවෙන් කළේ....යෙනූම වියදම් කරලා  මාව එයා  එක්ක එංගලන්තෙට ගෙන්න ගත්තා....පිස්සෙක්ටත් වඩා අන්ත විදියටම හිටපු මාව වගකීමක් එක්කම භාර අරන් මෙහේ අරන් ආවා කිසිම පැකිලීමක් නැතුව අදටත් යෙනූ මට කියන් නෑ ඌ ඒකට සල්ලි හොයාගත්ත විදිය හැම වෙලේම යෙනුවා ඒක මඟ අරිනවා....අනිවාර්යයෙන් මොනා හරි දෙයක් විකුණන්න ඇති කියලා මට හිතෙනවා....ඒ විතරක් නෙමේ මේ අවුරුදු දෙක පුරාම මේ එපාර්ට්මන්ට්,කෑම අනිත් හැමදේටම හම්බ කරලා මටත් එක්ක ඒ දේවල් වියදම් කරේ මගේ යෙනුවා....මං දන්නේ නෑ සහෝදරයෝ නැති මට ඒ වෙනුවට යෙනුවා මවලා දීලා ඌ මට සහෝදරයෙක්ටත් වඩා සළකනවා....මේ අවුරුදු දෙක පුරාවටම වචනෙකින්වත් මට රිද්දලා නෑ මං කියන හැමදේම අහන් හිටියා මාව බලාගත්තා මරණය බලාපොරොත්තුවෙන් හැම වෙලේම ජීවිතේට කරදරයක් කරගන්න උත්සාහ කරන මනුස්සයෙක්ව බලාගන්න ලේසී නෑ....ඒත් මගේ එකා මාව ගොඩදැම්මා මට අදටත් හිතාගන්න බෑ මාවත් බලාගෙන ඌ ගහපු ගේම වෙලාවකටම මට හිතෙනවා යෙනුවා මා එක්ක එක්ක ඉඳලා මගේ කරුම ඌත් ගෙවනවා කියලා ඒත් එක දවසක් මං ඕක යෙනූට කියන්න ගිහින්   යෙනුවා කරේ මා එක්ක තරහා වෙලා දවස් ගාණක් මා එක්ක කතා නොකර හිටපු  එක ඒ නිසා ඒ ගැන මං ආයේ කියන්න ගියේ නෑ හිතේම තියාගත්තා මිසක්....මං කොහොම මේවට ණය ගෙවන්නද කියලා මටම හිතාගන්න බෑ.....වෙලාවකට මං ගැන මහ කලකිරීමක් එක්ක මහ දුකක් දැනෙනවා හිතලා බලන්න තමන් වටේ ඉන්න හැමෝටම බරක් වෙවී එයාලට දුක් දිදී කාළකණ්නි ජීවිතයක් ගෙවද්දී දැනෙන ෆීලින් එක තමන් නිකමෙක් කියලා තමන්ට දැනෙන වරදකාරී හැඟීම ඒක  ජීවත් වෙන එක මනුස්සයෙක්ට දරාගන්න ලේසී නෑ.....ඒකත්  ඒවා මං විහින් කරගත්තා දේවල් කියලා මතක් වෙද්දී තවත් දරාගන්න අමාරුයි....ඒත් කරන්න දෙයක් නෑ යෙනූ කියනවා වගේ වැරදිච්ච අතීතයක් නිසා එන්න තියන අනාගතෙත් මට තව කාළකන්නි කරන් නිකමෙන් වගේ ඉන්න බෑ.... හිත හදන් අනාගතේ හොඳින් හදාගන්න ඕනේ කියන බලාපොරොත්තුව විතරයි දැන් මං ළඟ තියෙන්නේ ඒකත් මගේම උන් වෙනුවෙන්....

ආදර උමතුව (Love Turned " Toxic")Where stories live. Discover now