ඊයේ ක්ලාස් ගිහින් ආවයින් පස්සේ මටනම් ඕනේ වුණේ අද ගෙදරට වෙලා ඇලට් එකක් දාන් ඉන්න එකෙක් හින්දා මේ ටිකේ කුරුවල් වෙලා තියන මොළේ ටිකක් රිලැක්ස් කරගන්න ඕනේ කියලා හිතුවත් කොහෙද පිනා අපිව අනිවාර්යේ සේවයේ පිහිටවලනේ ඒ හින්දා අමාරුවෙන් හරි අදත් සාමාන්‍ය විදියට අපි සෙට් එක ස්කෝලේ ආවා...මේ ටිකේම අපිට ස්කෝලෙන් සෙමිනා තියනවා....තව මාස දෙකකින් වාර විභාග නිසා උගන්නන එකට අමතරව එග්සෑම් ටාගට් කරලා තමා මේ විදියට අපිට සෙමිනා තියනවා කිව්වේ හැම සිකුරාදම...ගිය සතියේ ඉඳන් තමා මේක පටන් ගත්තේ....අනික මේ සෙමිනා අපිට විතරක් නෙමේ තියන්නේ, මැත්ස්,බයෝ,කොමර්ස්,ආර්ට්,ටෙක් මේ හැමෝටම සතියේ දවස් පහ බෙදලා සෙමිනා තියනවා....අපිට තියෙන්නේ සිකුරාදා....ගිය සතියේ උදේ රැස්වීමෙදී තමා පිනා අපි හැමෝටම ඒක කිව්වේ....එදාම පොර කිව්වා ස්කෝලෙන් සීයට අසූව බලනවා ඒ නිසා අනිවාර්යෙනන් ස්කෝලේ වරෙව් කියලා නැත්තම් ස්කෝලෙන් ලියන්න දෙන්නේ නෑ කියලා....අනික රැස්වීමෙන් පස්සේ පංතියේදී අපි හැමෝගෙන්ම කොලේකට අත්සන් ගත්තා සීයට අසූව නැතිවුණොත් කැමැත්තෙන්ම අපි ප්‍රයිවට් ලියනවා කියලා.... ඉතින් ආසාවටවත් ගෙදර ඉන්න වෙන්නේ නෑ අපිට ....ඇරත් වෙන ස්කෝල වගේ නෙවේ අප්පා මේ ස්කෝලේ ආසාවටවත් කට්ටි පයින්න දෙන්නේ නෑ මොකද මෙයාලා දන්නවනේ නැත්තම් ළමයි ස්කෝලේ කට් කරලා ටියුෂන් වලට යනවා කියලා....ඒ නිසා හැම ළමයගෙම ගෙදර ෆෝන් නම්බර්ස් අරගෙන තියාගෙන ඉන්නේ ආවේ නැත්තම් පංති භාර මිස් කෝල් කරනවා කිව්වා ගෙදරට ඒ නිසා මළම වදයක් අපිට වෙලා තියෙන්නේ.....
මෙයාලා ඉන්නේ If you're bad i'm you're dad කියන සංකල්පේ ඉතින් පනිනවා බොරු.....මොනා කරන්නද,
YOU ARE READING
ආදර උමතුව (Love Turned " Toxic")
Nonfiksiමාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්‍රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න...