වර්ථමානයට..... ❤️
දින 02කට පසු.... 🌄
දවස් ඉක්මනින් ගෙවිලා යනවා ඒකත් එක්තරා සතුටක් මට අපි ටිකින් ටික වයසට යනවා...ඒ වගේමයි අපේ අඳුරු අමිහිරි මතකත් ටිකින් ටික අපෙන් ඈත් වෙලා යනවා අමතක නොවුණත් දැනෙන වේදනාව අපි නොදැනීම අපෙන් අඩු වෙලා යනවා ඒකම සතුටක් නෙමේ නෙමේ ද........ අද මගේ ජීවිතේ මට වටිනම දවසක්.....අද මගේ ඉන්ටර්වීව් දවස....හිතුවටත් වඩා හැමදේම හොඳට සිද්ධ වුණා.... මිස්ටර් ස්ටීව් ඇත්තටම හොඳ මනුස්සයෙක් හරිම කාරුණිකව මාව පිළිගත්තා යෙනූ කිව්ව දේවල්ම තමා ස්ටීව් සර්ත් මට කිව්වේ ඒ වචන කියපු දේවල් එක්ක වගේම ඒ වර්ක්ප්ලේස් එකේ තියෙන නිස්කලංක බව එක්ක මට තේරුණා මේ තැන තමා මං හොඳටම ගැළපෙන්නේ කියලා.....යෙනූ කිව්ව විදියටම තමා මාව අද ඉන්ටර්වීව් කළේ....කලින් මගේ හැමදේම යෙනූ ස්ටීව් සර්ට කියලා තිබ්බ නිසා අද නිකං මගේ සෙටිෆිකෙට් චෙක් කළා විතරයි....ඊට විනාඩි 10කට වගේ පස්සේ මගේ එපොයිමන්ට් ලෙටර් එක හම්බවුණා....ලෙටර් එකේ තියන ඩේට් අනුව හෙට ඉඳන්ම මට වැඩට එන්න පුලුවන් කියද්දී මට දැනුණේ එතනම කෑගහලා උඩ පනින්න තරම් සතුටක්....ඒත් මෙතන ඒ දේ කරන්න බැරි නිසා කොහොමහරි ඉවසගෙන ස්ටීව් සර්ටත් කතා කරලා Hr එකෙන් ෆෝම් අරන් ෆිල් කරලම මං එළියට ඇවිත් යෙනූටත් කෝල් අරන් විස්තර කිව්වා.......
හැමදාම කියනවා වගේ යෙනූව මට ලැබිච්ච මගේ නොවුණ මගේ සහෝදරයා....ඌ නිසා තමා අද මට මේ රස්සාව ලැබුණේ....මෙහේට ආව කාලේ දී අද මට ලැබුණා වගේ මේ තරම් ඉක්මනට රස්සාවක් උට ලැබුණේ නෑ....ඌම පාර්ට් ටයිම් කර කර අමාරුවෙන් අද ඉන්න තැනට ආවේ.....අද යෙනූ ඉන්නේ මෙහේ තියන ප්‍රසිද්ධම IT company එකක සිස්ටම් ඉංජිනියර් කෙනෙක් විදියට.... ඌ මැත්ස් කරාට තෝරගත්තේ IT ඒක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා අද යෙනූ ඉන්න තැන දකිද්දී.....මං එන්න අවුරුදු දෙකකට කලින් යෙනූ ආවේ මං එද්දී ඌ උගේ තැන හදාගෙන ඉවරයි.....ඒ අතින් යෙනුවගේ ගට් එක පට්ට....ඌ කියන්නේ දාකින්වත් හොයාගන්න බැරි හොඳ කොල්ලෙක් ටාරා ගොඩක් වාසනාවන්තයි එච්චරයි මට හිතුණේ....අද දවස ගැන මං යෙනූට කියද්දී වුණත් මටත් වඩා උට සතුටුයි....මටත් කියාගන්න දෙයක් නෑ....ආයේ අඬන්නෑ කියලා මටම දුන්න පොරොන්දුව පිට මං එක කදුලක් නොහෙලන්න වගබලාගත්තා....
නැත්තම් යෙනූගේ කටහඬ එක්ක මට ඉඹේම ඇඬිලා....ඌත් එක්ක මං ගොඩක් වෙලා කතා කරලා ඉවර කළා.....අම්මට දැම්මම කතා කරන්න බෑ දැන් මෙහේ වෙලාව උදේ 9.30යි....මෙහෙයි ලංකාවයි අතරේ පැය 4.30 ක වෙනසක් තියනවා ඒ කියන්නේ දැන් ලංකාවට පාන්දර 5ට වගේ දැන් අම්මා නිදි නිසා තව ටිකක් දවල් වෙලාම කතා කරනවා කියලා හිතන් මං එළියට ආවා....
YOU ARE READING
ආදර උමතුව (Love Turned " Toxic")
غير روائيමාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න...