" ඔව්....මං ඔයා දිහා බැලුවා තමයි....ඒ ඔයා මං දන්නම කෙනා ද කියලා මට බලන්න ඕන වුණා....මං ලොකු ෂුවර් එකක් තිබ්බේ නෑ....ඒකයි මං එහෙම බැලුවේ...."
මං එහෙම කියද්දී මං බලාගෙන අධීර්ය හෙන සීරියස් මූඩ් එකකින් මං දිහා බලාගෙනම ඉන්නවා....
" මොකක් මං තමුන්ව දැක්කෙත් එදාමනේ....ඉතින් තමුන් කොහොමද මාව දන්නේ අනික එච්චරම මාව හොයන්න...."
" අහ් නෑ....නෑ.....ඔයා මාව දන්නේ නෑ තමා...ඒත් මං ඔයාව දැකලා තියනවා ටීවී එකේ ඇඩ් වල ඉතින් මං එකපාරටම අඳුරගන්න බැරිවුණා ඒත් ඒ ඔයාමද කියලා දැනගන්නයි මං බැලුවේ....."
" ඉතින් දැන් දැනගත්තද...."
" ඔව්......"" මොකක් ද....."
" ඒ ඔයා තමා කියලා....."
මං එහෙම කියද්දී මං බලාගෙන මෙච්චර වෙලා සීරියස් මූඩ් එකේ හිටපු අධීර්ය මං දිහා බලන් මහා අමුතු විදියට හිනා වෙනවා....නෝන්ඩියටද, නැත්තම් නිකං ද නැත්තම් වෙන මොනාටහරිද කියලා මට හිතාගන්න බැරිවුණා....දිවෙන් එක කම්මුලක් ඇතුළට තට්ටු දාන ගමන් ඇස් වලිනුත් අමුතු විදියට බලන් කට කොණකට ගත්ත ඒ හිනාව හිනාවකුත් නොවෙන මහා අමුතු හිනාවක් මං ඒ දිහා බලන් හිටියේ මහා නොතේරෙණ හැඟීමකින්....
" හ්ම්ම්....එහෙම ද හොඳයි....හොඳයි....මං එහෙම හිතාගන්නම්....දැන් යනවකෝ එහෙනම් පංතියට....."
" පොඩ්ඩක් ඉන්නවා...."
අධීර්ය කියනවත් එක්ක මං හැරිලා යන්න හැදුවේ හෝල් එකෙන් එළියට.....ඒත් ඉන්න මට ආයෙම අධීර්යගේ කටහඬ ඇහුණ නිසා මං පිටිපස්ස හැරුණා....
" ම්ම්ම්...මොකක් ද තමුන්ගේ නම කිව්වේ....."
" විවාන්....."
" ම්ම්ම් විවාන්....පුළුවන්නම් මගේ ඇස් වලට වහන් වෙලා හිටිය විදියටම ඉන්නවා....මොකද අද අතෑරියට ආයේ පාරක් මං තමුන්ව දැක්කොත් සමහරවිට මගේ අවුරුදු 16ටම මං නොකරපු දෙයක් මට කරන්න හිතෙයි...දැන් යනවා...."
මට එහෙම කියාගෙනම අධීර්ය ආයෙම හෝල් එක ඇතුළට යද්දී මට අධීර්ය ඒ කිව්ව අපබ්රංසේ තේරුම් ගන්න බැරුව ඉන්න තැනටම වෙලා හිටිගෙන හිටියා....
YOU ARE READING
ආදර උමතුව (Love Turned " Toxic")
Non-Fictionමාව මේ බැඳීමෙන් නිදහස් කරන්න අධීර් ආදරය වුණත් අධිමාත්රාවෙන් ලැබුණොත් ඒකත් වහක් වෙනවා....මටත් දැන් ඒක වෙලා තියෙන්නේ අධීර්.... මට දැන් ඕනේ මං වෙනුවෙන් නිදහසක් මට මං වෙන්න පුළුවන් ජීවිතයක්..... මට දැන් ඔයාගේ ආදරේ නිසාම මහන්සි අධීර්.....මට ඔයාගෙන් යන්න...